අධිවේගී මාර්ගවලට යන වියදම් අවම කෙරේ

Published in පුවත්
Thursday, 21 May 2015 13:59
නව රජය අධිවේග මාර්ග ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු ගත වියදම් අඩු කිරීමට  බලාපොරොත්තුවෙන්  සිටින බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි. ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘති ඉක්මණින් අවසන් කිරීමේ සහ වියදම් අවම කිරීමේ අරමුණින් ඉදිකිරීම් කරන සමාගම්වල උපදෙස් පරිදි විශේෂ වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තු වේ. 
 
එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවසූ පරිදි මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් චීනයේ ආධාර ඇතිව සිදුකරන අධිවේගී මාර්ග ව්‍යාපෘති නැවත ඇරඹීම පිළිබඳ මෙරට චීන තානාපති යී ක්ෂියාන් ලියාංග් සමඟ සකච්ඡා කොට තිබේ. 
 
මහාමාර්ග අමාත්‍යංශය  පවසන පරිදි කඩවත සහ කෙරවළපිටිය අතර පිටත වටරවුම් අධිවේගී මාර්ගය සති දෙකක කාලයක් ඇතුලත ආරම්භ කිරීමට නියමිතයි.  අමාත්‍යංශයෙන් පත් කළ විමර්ශන කමිටුව මේ ව්‍යාපෘතියට අදාළව කොන්ත්‍රාත් බාරව සිටින සමාගම් සමඟ සකච්ඡා  කොට රුපියල් බිලියන 25ක පමණ මුදලක් ඉතුරු කිරීමට කටයුතු යොදා තිබේ. 
 
මේ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.23 ක මාර්ගය ඉදිකිරිම සඳහා මීට පෙර පසුගිය රජය මගින් බිලියන 66.7ක මුදලකට චීන  ඉදිකිරිම්  සමාගමකට ලබාදී තිබුනත් එය නැවත රුපියල් බිලියන 41.7 දක්වා සංශෝධනය කර ගැනීමට සමත්ව තිබේ. 
 
මීට අමතරව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩකටයුතු නැවත ඇරඹීම සඳහාද අවධානය යොමුව ඇත. 
 
අධිවේගී ව්‍යාපෘති තාක්ෂණික සහ මුල්‍ය කරුණු අධ්‍යනය කිරීමට පත්කළ කමිටු වාර්තාවෙන් අනතුරුව කෙරුණු සංශෝධන සඳහා පසුගියදා (අප්‍රේල් 22) කැබිනට් අනුමැතිය හිමිව තිබේ.  

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us