කයිට්ස් සිසුවිය ඝාතනය කොන්ත්‍රාත්තුවක්. ඝාතකයා පොලීසියේ හිතවතෙක්

Published in පුවත්
Friday, 22 May 2015 10:02

යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.

කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු ‍වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කැර තිබෙන බව දැනගන්නට තිබේ.

යාපනයේ ජනතාව කලහාකාරී ලෙස හැසිරීමට හේතුවී ඇත්තේ මෙම පුද්ගලයාව නිදහස් කොට යැවීමට පොලීසිය ගත් උත්සහය නිසාය.

ඝාතනයට ලක් වූ සිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ මව මෙයට කලකට පෙර පුද්ගලයින් තිදෙනකුට එරෙහිව අධිකරණයේ සාක්ෂි ලබාදීමේ සිද්ධියක් මෙම ඝාතනයට මුල්වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. එම පුද්ගලයින් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිද්ධියේ ප්‍රධාන සැකකරු හා ඔහුගේ හිතවතුන් සිව් දෙනකු සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කැර තිබෙන බවට පොලිස් පරීක්ෂණ මඟින් හෙළිවී තිබේ.

සිසුවිය ඝාතනය කිරීම සඳහා රුපියල් 50,000/-ක මුදල් ලබාදීමේ පොරොන්දුවක් මත මුලින් රුපියල් 10,000/-ක් ලබාදී තිබෙන අතර ඉතිරි මුදල ඝාතනයෙන් පසු ලබාදීමට කොන්ත්‍රාත්තුව ‍බාරදුන් පුද්ගලයින් එකඟ වී ඇත. ඝාතනයට ලක් වූ සිසුවියගේ පියා අංශභාග රෝගයට ගොදුරුව එක්තැන්ව සිටින අතර විසිතුන් හැවිරිදි සොහොයුරු කුලී වැඩකැර පවුල නඩත්තු කරන බව වාර්තා වෙයි.

මිය ගිය සිසුවිය උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබන ඉගෙනීමට දක්ෂ අයෙකු බවත් ඇගේ සහෝදරිය උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ‍ගත් සැකකරුවන් 08 දෙනා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කැර තිබේ.

යාපනයේ තත්ත්වය ඊයේ (21) වනවිට මුළුමනින්ම සාමාන්‍ය අතට පත්ව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us