යාපනයේ පොලිස් ලොක්කන්ව හදිසියේ මාරුකරයි

Published in පුවත්
Friday, 22 May 2015 21:42

යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළුව යාපනයේ උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කෙරේ.

එම නිලධාරීන් අද සිකුරාදා සිට වෙනත් පළාත්වලට මාරු කිරීමට පොලිස් පතිවරයා නියෝග කොට තිබේ.

මෙම සතිය ඇතුළත වාර දෙකක්ම යාපනයට ගිය පොලිස්පතිවරයා කළ මෙම මාරුවීම සේවා අවශ්‍යතා හා පුරප්පාඩු ගැන සලකා බැලීමෙන් පසු සිදු කළ මාරු කිරීම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය.

විශේෂයෙන්ම යාපනයේ කයිට්ස් පොලිස් ස්ථානාධිපතිවරයා පවා මාරු කිරීමට මේ අවස්ථාවේදී තීරණය කළේ යාපනයේදී පාසල් දැරියක් දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය හේතුවෙන් නොවේ දැයි බී.බී.සී.සන්දේශය පොලිස් ප්‍රකාශකයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගත වූ කාලයේ දී යාපනයේ සිදුවූ බොහෝ සිදුවීම් සහ දැනට ඇති පුරප්පාඩු ගැන සැලකිල්ල යොමු කොට එම ස්ථාන මාරු වීම් සිදු කළ බවයි.

යාපනයේ සිටින ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියාගේ වරදින් පාසල් දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය මෙතරම් දුර දිග ගිය බවට යාපනයේ ජනතාව නගන චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ කවර උසස් නිලධාරියෙකු වුවද සිය රාජකාරිය අත පසු කළ බවට පොලිස්පතිවරයාට තොරතුරු ලැබෙන්නේ නම් එම නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තීරණයක් ගනු ඇති බවයි.

යාපනයේ වේලනෙයි සහ සන්දිලිපායි යන පළාත් වලින් තවත් කාන්තාවන් දෙදෙනෙකු 21 වෙනිදා සිට අතුරුදහන් වී ඇති බවට අදාළ පොලීසි වෙත පැමිණිලි ලැබී තිබේ.

වේලනෙයි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව සිය රාජකාරිය සඳහා 21 වෙනි දින ගිය පසු මෙතෙක් නොපැමිණි බවට පැමිණිලි කොට ඇත්තේ ඇගේ පුංචි අම්මා විසින් බව කී පොලිස් ප්‍රකාශකයා ඇය පළාතේ කකුළුවන් ඇසුරුම් කරණ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි බවද කියා සිටියේය.

සන්දිලිපායි පළාතෙන් අතුරුදහන් වූ කාන්තාව ගැන මෙතෙක් තොරතුරු තමන් වෙත ලැබී නොමැති බවයි ඔහු පැවසුවේ.

මේ අතර නීතිපතිවරයාද අද පොලිස්පතිවරයා සමඟ යාපනයට ගොස් දූෂණය කොට මරා දමන ලද පාසල් දැරියගේ පරීක්ෂණ කටයුතු පිළිබදව සොයා බලා තිබේ.

නීතිපතිවරයා යාපනයට ළගා වන විට යාපනයේ නීතිඥවරුන් අධිකරණ සේවා කටයුතු වලින් බැහැරව විරෝධතාවක නිරතව සිටියේ පසුගිය 20 වෙනිදා යාපනය අධිකරණ සංකීර්ණයට සාමාන්‍ය ජනතාව එල්ල කළ ප්‍රහාරයට විරෝධය දැක්වීම පිණිසයි.

යාපනයේ නීතිඥ සංගමයේ ලේකම් ආර්.සුභාෂ් කියා සිටියේ අධිකරණයේ දේපළ වලට හානි කිරීමත් සාමාන්‍ය ජනතාව විසින් අධිකරණයට අනිසි බලපෑමක් සිදු කිරීමට විරෝධය පල කිරීමත් සඳහා අද, සිකුරාදා යාපනයේ අධිකරණ වල නීතිඥවරුන් මෙම විරෝධතාව දියත් කළ බවයි.

bbc

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us