ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් 16ක් නිදහස්

Published in පුවත්
Saturday, 23 May 2015 11:13

ඉන්දීය අත්අඩංගුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයන් 16 දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් වසින් අද(23) උදෑසන මෙරටට බාරදී අැත.

කන්කසන්තුරේ උතුරු මුහුදු ප්‍රදේශයේදී අදාළ ධීවරයන් මෙරට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය මාර්තු සහ අප්‍රේල් මාස වල මුහුදු ගොස් ඉන්දීය අත්අඩංගුවට පත්වූ ධීවරයින් පිරිසක් මෙලෙස නිදහස ලබා අැත.

ඔවුන් ත්‍රීකුණාමලය හලාවත සහ දෙවුන්දර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අදාළ ධීවරයන් මේ වන විට උතුරු පළාත් සහකාර ධීවර අධ්‍යක්ෂකවරයා වෙත බාරදීමට කටයුතු කර තිබේ.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us