සිල් රෙදී මගඩිකාරයන්ටත් අධිචෝදනා

Published in පුවත්
Monday, 25 May 2015 08:47

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යටතේ විමර්ශනවලට මුහුණදුන් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

මේ අනුව මෙතෙක් සිදු කළ පරිදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු වෙනුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය සැලකිල්ලට ගැනීමෙන් පසුව මේ පියවර කෙරෙහි අවධානය යොමු වී තිබේ.

එම අතුරු තහනම් නියෝගය පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් සිදු කරනු ලබන වෙනත් අත්අඩංගුවට ගැනීම් සඳහාත් බලපෑමක් ඇති කරන්නේ ද යන කරුණ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ විවිධ අංශ අතර කතාබහක් මතුව තිබිණි.

රුපියල් මිලියන 620ක සිල් රෙදි වංචාව පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ පරීක්ෂණයේ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ මුලින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රුපියල් මිලියන 620ක් වැය කොට ජනාධිපතිවරණයට දින හතරකට කලින් බෞද්ධ බැතිමතුන් වෙත සිල් රෙදි බෙදාදීම ඔවුන්ට එරෙහිව විමර්ශනය කෙරුණු චෝදනාවයි.

ඒ පිළිබඳ කෙරුණු විමර්ශන මේ වනවිට සම්පූර්ණ කොට ඇති බවත් අදාළ සියලු තොරතුරු මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවත් මේ පිළිබඳ කරුණු දැක්වූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු ජනාධිපති සම්බන්ධීකාරක වටිනාපහ සෝමානන්ද හිමි සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන අය සම්බන්ධයෙන් මෙහිදී විමර්ශනය කෙරිණි.

- dinamina

Last modified on Monday, 25 May 2015 08:54

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us