බැසිල් ජූනි 10 දක්වා යළි රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 27 May 2015 10:40

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජූනි 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය ලබාදී ඇත.

එසේම බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට ඇප ලබාදීමද මහේස්ත්‍රාත්වරයා විසින් අද(27) ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනූව බැසිල් රාජපක්ෂ මහතා සමඟ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්.කේ.කේ.ඒ.රණවක එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ලබන 10 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ගේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම පිළිබදව විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us