වනජිවි අධ්යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක මහතා කියා සිටියේ මෙම අලි පැටවා ඇඹිලිපිටිය ඇත්අතුරු සෙවණේ රඳවා සිටියදී මෙසේ මියගොස් ඇති බවයි.
මේ පිළිබඳව අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පශු වෛද්‍ය කමිටුවක් මගින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියම කළේය. එමෙන්ම අලි පැටවාගේ දේහය උඩවලව වනෝද්‍යානයේ භූමදාන කිරීමට ද අධිකරණය විසින් නියෝග කළ බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.