ශ්‍රීලනිප පොඩ්ඩන් මෛත්‍රී ළඟට ගනී

Published in පුවත්
Friday, 29 May 2015 10:01

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ උත්සාහයේ පෙරමුණ ගෙන සිටින්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ සංවිධායකවරුන් වන නිසා ඊට වෙනස් මතයක සිටින පක්ෂයේ පහළ පෙළේ ක‍්‍රියාකාරීන් වෙනම සංවිධානය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ප‍්‍රාදේශීය වශයෙන් පිහිටුවා ඇති ශ‍්‍රීලනිප ශාඛා සමිති මට්ටමින් මෙලෙස ක‍්‍රියාකාරීන් සංවිධානය කිරීමට ජනාධිපතිවරයා සැලැසුම් කර ඇති අතර, ඊට අදාළ මෙහෙයුම් කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ. මෙම පහළ පෙළේ ශාඛා සමිති ක‍්‍රියාකාරීන් සමග වෙනම සාකච්ඡා වටයක් පැවැත්වීමටද තීරණය කර ඇති අතර, ඒ සදහා ජනාධිපතිවරයාට හිතවත් ශ‍්‍රී ලනිප ප‍්‍රබලයන් පිරිසක් ඉදිරිපත් වී තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සදහා වන ශ‍්‍රී ලනිප නාම යෝජනා ලැයිස්තුද වෙනම සකස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව එම පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු කිහිපයක් හදිසියේ වෙනස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් කුරුණෑගල, නුවරඑළිය සහ අනුරාධපුරය යන දිස්ත‍්‍රික්කවල මෙලෙස සංවිධායක තනතුරු වෙනස් කිරීමට තීරණය කර ඇති අතර, ඉදිරි සතිය ඇතුළත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්කර ඊට අවශ්‍ය අනුමැතිය ලබාගැනීමටද සැලැසුම් කර ඇත.

මේ අතරින් වැඩි ප‍්‍රමාණයක් දිස්ත‍්‍රික් සමසංවිධායක තනතුරු විය හැකි බවත්, ඉදිරි මැතිවරණයකදී ජනාධිපතිවරයාගේ උපදෙස් නිසි පරිදි පිළිපදින්නන් අදාළ තනතුරුවලට පත් කිරීම මෙහි අරමුණ වී ඇති බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us