අගවිනිසුරුතුමනි නොදන්නා දේ ගැන කතා කරන්න එපා - රවී

Published in පුවත්
Friday, 29 May 2015 15:17

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයෙකුට නොගැලෙපන අයුරින් කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේය. කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එදා හෙල්පින් හම්බන්තොට සිද්ධිය පිළිබඳ දැඩි ලෙස විවේචනය කළ හිටපු අගවිනිසුරුවරයා අද වනවිට එම ස්ථාවරයන් වෙනස් කර තිබීම පුදුම සහගත බවත් ඔහු නීතිය ගැන දන්නා බව සැබෑ මුත් ආර්ථිකය ගැන නොදන්නා දේ කතා කිරීම තුළ සිදුවන්නේ නැති දෙයක් මතු කිරීමක් බවත් පැවසුවේය.

පසුගියදා කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස මුදල් අමාත්‍ය රවී කරුණායක මේ බව සඳහන් කළේය.

පසුගිය දිනක රේගු අධ්‍යක්ෂක ජගත් විජේවීර තම ධුරයෙන් ඉවත් වූයේ තර්ජනය කිරීම නිසා බවට ප්‍රවෘත්ති පළ වූ බවද අමාත්‍යවරයා පැවසුවේය. එවැනි බොරු චෝදනා සම්බන්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද පැවසුවේය. ජගත් විජේවීර මහතාම ලිපියක් මගින් දැනුවත් කර ඇත්තේද මෙය අමූලික බොරුවක් බවයි. ජගත් විජේවීරම එසේ ඉදිරිපත්ව සත්‍ය පැහැදිලි කිරීම ගැන සතුටු වන බවද පැවසුවේය.

පසුගිය මහින්ද යුගයේ රේගුව හරහා අවුරුදු 6ක් අපනයනයන් හොරෙන් සිදු කර ඇති බවත් ආණ්ඩුවට තඹ සතයක් ලැබී නැති බවත් පැවසුවේය. නව ආණ්ඩුව මගින් මෙය නැවැත්වූ බවත් ඒ අයට ඇමරිකානු ඩොලර් මිලියන පන්දහසක් කන්ටේනරයකට ගෙවීමට සිදුකළ බවත් පැවසුවේය. නමුත් පුවත්පත් කිහිපයක් මගින් මෙය වැරදි ලෙස වාර්තා කර ඇති බවත් පැවසුවේය.

නමුත් වත්මන් රජය යටතේ බිද වැටී තිබූ ලංකාවේ ආර්ථිකය යළි වර්ධනීය අඩිතාලමකට රැගෙන ආ බව පැවසුවේය.

සම්පූර්ණ හඩ පටයට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/ravi2015-05-29-111439{/soundcloud}

Last modified on Friday, 29 May 2015 16:21

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us