රවීට හා හර්ෂට බන්දුලගෙන් විවාද අභියෝගයක්

Published in පුවත්
Monday, 01 June 2015 11:18

රටේ දැනට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමා සමඟ ඕනෑම රූපවාහිනි නාලිකාවක විවාදයට එන්නැයි විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මුදල් ඇමැති රවි කරුණානායක මහතාට සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කර සිටී.

මුදල් ඇමැතිවරයා මෙන්ම මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සපයා ඇති බවද ඒ සම්බන්ධයෙන් තමා ප්‍රසිද්ධ රූපවාහිනි විවාදයකට සූදානම් බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව, පොලී අනුපාත විරැකියාව, විනිමය අනුපාතය ඇතුළු ඕනෑම ආර්ථික කරුණක්‌ ගැන තමා රජය සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව ද රට ආර්ථිකමය වශයෙන් පසුගාමී තත්ත්වයකට පත්ව ඇති බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් සදහන්කර අැත.

මේ විවාදයට තමන් සූදානම් යෑයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා ද මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us