විත්‍යා ඝාතනය කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Published in පුවත්
Monday, 01 June 2015 14:51

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විත්‍යා පැහැ‍රගෙන ගොස් සමූහ අතවරයට ලක් කර මරා දැමීමේ සිද්ධියේ සැකකරුවන් නව දෙනා අද දිනයේ යළිත් කයිට්ස් අධිකරණය වෙත යොමු කළ අවස්ථාවේදී එළඹෙන 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව අදාළ නඩුවේ සැකකාර පුද්ගලයෙකු පවසා ඇත්තේ තමා සිද්ධිය වු දිනයේ කොළඹ ප්‍රදේශයේ රැඳි සිටි ඇති බවත්, තමා එදින බැංකුවකින් ගනුදෙනු කළ බවත්ය.

අදාළ ප්‍රකාශයේ සත්‍යය අසත්‍යතාවය සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, අදාළ සැකකරුවන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කර බලා මීළඟ අධිකරණ දිනයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් රහස් පොලීසියට නියෝග කර තිබේ.

මේ අතර පසුගිය දින අදාළ සිද්ධියට යාපනයේදී කළහකාරී ලෙස හැසිරි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයින් 47 දෙනාගෙන් 45 දෙනෙකු එළඹෙන නව වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සැකකාර පුද්ගලයින් දෙදෙනෙක් අවුරුදු 16ට අඩුවීම හේතුවෙන් ලක්ෂ පහ බැගින් වු පුද්ගල ඇප තුනක් මත නිදහස් කර ඇති බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us