3240 කට ඒඩ්ස්‌ලු!

Published in පුවත්
Wednesday, 03 June 2015 06:47

මෙම වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාව තුළ එච්. අයි. වී ඒඩ්ස්‌ වයිරසය ශරීර ගතවූවන් 3240 ක්‌ පමණ සිටින බවට ඇස්‌තමේන්තු කර තිබුණු අතර ඔවුනගෙන් මෙතෙක්‌ හඳුනාගෙන ඇත්තේ 1732 ක්‌ වැනි සංඛ්‍යාවක්‌ පමණක්‌ බව ශ්‍රී ලංකාවේ සිටින එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහනෙහි (යුඑන්ඒඩ්ස්‌) නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පවසයි.

මේ අනුව තවත් එච්. අයි. වී/ඒඩ්ස්‌ වයිරසය ශරීර ගතවූවන් 1508 ක්‌ පමණ රට තුළ සිටියද තවමත් හඳුනාගැනීමට නොහැකි වී ඇතැයි ඔහු කීවේය.

එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහනෙහි ඉලක්‌කය වී ඇත්තේ වසර 2030 වන විට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස්‌ රෝගය තුරන් කිරීම බව පැවසූ වෛද්‍ය රණතුංග මහතා මෙහිදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ඒඩ්ස්‌ රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම ඒඩ්ස්‌ මරණ සංඛ්‍යාව බිංදුව කිරීම ඉලක්‌ක කර ගෙන වැඩසටහන් දියත් කරන බව අවධාරණය කළේය.

දැනටමත් මෙරට එච්. අයි. වී/ඒඩ්ස්‌ වයිරසය ශරීර ගතවූ මවකගෙන් දරුවාට එම වයිරසය සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන් වළක්‌වා ඇති දකුණු හා අග්නිදිග ආසියාතික කලාපයේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බවද ඔහු කීවේය. පසුගිය වසර තුළදී එසේ එච්. අයි. වී/ඒඩ්ස්‌ වයිරසය ශරීරගත වූ මවුවරුන් 8 දෙනෙකු පමණ තම දරුවාට වයිරසය සම්ප්‍රේෂණය නොවී දරුවන් බිහි කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එම මවුවරුන් සඳහා එච්. අයි. වී වයිරසය සඳහා ලබාදෙන නිවැරදි බෙහෙත් වර්ග නොමිලයේ ලබාදීම හා ප්‍රතිකාර සේවාවන් මෙම තත්ත්වයට මුල් වූ බව හෙතෙම සඳහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

divainaa

Last modified on Wednesday, 03 June 2015 06:59

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us