ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරන්නෑ-අසාද් සාලි

Published in පුවත්
Wednesday, 03 June 2015 13:41

වත්මන් ආණ්ඩුව පත් කර ගත්තේ හරි දේ සිදුකිරීමට බවත් නීතිය හැමෝටම පොදු හා සාධාරණ විය යුතු බවත් පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසයි..FCIDයට කැදවීමක් ඇති විට එය කිසි විටෙකත් කතා නායක නිල නිවස නොවිය යුතු බවත් මෙවැනි ක්‍රියා තුළින් ලබා දෙන්නේ වැරදි පූර්වාදර්ශ බවත් පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද(03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වර්තමානය වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාව පැරදවීමට කටයුතු කළ අය පවා ඔහුට අපේ නායකයා යනුවෙන් අමතන බවත් ඔවුන්ගේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයගත්තා නම් මේ වන විට තමන් පවා ජීවතුන් අතර නොමැති බවත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ යුගයේ නිවසින් එළියට බැස්ස පමණින් පොළීසියෙන් කැදවීම් සිදු කරන බවත් එවන් වූ ජරා පාලනයක් හමාර කළ හැකිවීම පිළිබදව සතුටුවන බවත් පැවසුවේය.

යහපාලන ආණ්ඩුව රාජපක්ෂ පවුලේ හොරකම් පිළිබදව පරීක්ෂණ හරිආකාරව ක්‍රියාත්මක නොකරන බවත් රාජපක්ෂ පාලනයේ පැවති ජඩ වැඩ,හොරකම,දූෂණය පිළිබදව හෙළිදරව් කිරීම කල් නොඇරිය යුතු බවත් කීවේය.ගෝඨාභය රාජපක්ෂ,නාමල් රාජපක්ෂ ආදී සියල්ලන් නීතියේ රැහැනට හසු කරගත යුතු බව පැවසුවේය.

රජයේ මුදල් හොරකම් කළ සියල්ලන්ට දඩුවම් ලබාදිය යුතු බවත් ඒ හරහා ජනතාවට සහනය සැලසීමට වත්මන් යහපාලන ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

ශිරන්ති රාජපක්ෂ,විමල් වීරවංශ,ශෂී වීරවංශ මේ අය ව්‍යාජ ලිපි ලේඛන භාවිතා කළත් තාමත් නිදැල්ලේ පසුවන බවත් මේවා හිතාමතාම අතපසුකරමින් වෙනත් සුළු වැරදි පසුපස පන්නමින් කටයුතු කිරීම හෙළා දකින බව ඔහු පැවසුවේය.

මේ නිසා නීතිය ‍හරිආකාරව කෙළින් ක්‍රියාත්මක විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us