අජිත් පී පෙරේරා ෂන්හයි සහයෝගිතා සංවිධානයේ ඉහළ පෙළේ සමුළුවට

Published in පුවත්
Wednesday, 03 June 2015 15:53
අද ඇරඹුනු ෂන්හයි සහයෝගිතා සංවිධානයේ ඉහළ පෙළේ සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහභාගි වේ. මෙම සමුළුව අද(03) සිට ලබන 05 වන දා දක්වා පැවැත්වේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සමුළුවේ තේමාව වන්නේ ආරක්ෂාව හා කළාපීය ස්ථාවර භාවය යන්නයි.
 
සාමාජික රටවල්, නිරීක්ෂණ මට්ටමින් සහ සංවාද පාර්ශවයන් ලෙස රටවල් රැසක් මෙම සමුළුවට සහභාගි වේ. සමුළුව අවසානයේ ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කිරීමට නියමිතයි.
ෂන්හයි සහයෝගිතා සංවිධානය 2001 වසරේ ස්ථාපිත වූ සංවිධානයකි.
 
මෙහි සාමාජික රටවල් ලෙස චීනය,රුසියාව, කසකස්ථානය, කිර්ගිස්ථානය, තජිකිස්ථානය සහ උස්බෙකිස්ථානය කටයුතු කරයි.
 
නිරීක්ෂණ මට්ටමින් ඇෆ්ගනිස්ථානය,ඉන්දියාව,ඉරානය,මෙ‍ාන්ගෝලියාව සහ පකිස්ථානය යන රටවල් සහභාගිවේ.
 
මෙහි සංවාද පාර්ශවයන් ලෙස ශ්‍රී ලංකාව,තුර්කිය සහ බෙලරුස් රාජ්‍යයන් එක්වේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us