උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරලා

Published in පුවත්
Thursday, 04 June 2015 09:51

යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අවලංගු කර ඇති බවත් ඒ පිළිබඳව සියලුම විදේශ තානාපති කාර්යාලවලට දන්වා ඇති බවත් විදේශ කටයුතු අමංත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහිෂිනි කොලොන්න මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බැව් පැවසුවේ ඊයේ (03 වැනිදා) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති සතියේ මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කොලොන්න මහත්මිය මෙසේද කීවාය.

යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට ත්‍රස්‌ත කණ්‌ඩායමකට ආයුධ ලබාදීම සම්බන්ධව චෝදනා එල්ලවී තිබෙනවා. ඒ පිළිබඳ 2014 නොවැම්බර් මස යුක්‍රේන රජය මගින් ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නා. එම චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය විමර්ශනය කරනවා. තවම ඒ මහතා විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ සෘජු සම්බන්ධතා පවත්වා නැහැ.

නමුත් උදයංග වීරතුංග මහතා 2015 මැයි මස 05 වැනිදා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ තමාට අයත් භාණ්‌ඩ සහිත කන්ටේනරයක්‌ ශ්‍රී ලංකාවට එවා ඇති බවත් එය බාර ගැනීම සඳහා තමා නම් කරන පුද්ගලයකුට අවශ්‍ය නීතිමය බලපත්‍රයක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.

නමුත් වීරතුංග මහතාට අයත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනතුරු එවැනි බලපත්‍රයක්‌ නිකුත් කළ නොහැකි බව දැනුම් දී තිබෙනවා.

මේ වන විට අප ඒ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා සියලුම රටවලට දැනුම් දී තිබෙනවා.

උදයංග වීරතුංග මහතා සිටින තැනක්‌ දන්නේ දැයි කියා මාධ්‍ය විමසූ පැනයට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකාව පැවසුවේ තමා ඒ ගැන කිසිදු තොරතුරක්‌ නොදන්නා බවය.

උදයංග වීරතුංග මහතා මිග් ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති නිසා ඒ සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණ සඳහා ඒ මහතා මූල්‍ය අපරාධ පරීක්‍ෂණ කොට්‌ඨාසයට කැඳවීමට අවශ්‍ය සහාය ලබාදෙන්නේ දැයි කියා මාධ්‍ය නැගූ පැනයට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකාව පැවසුවේ ඒ සම්බන්ධව මූල්‍ය අපරාධ පරීක්‍ෂණ කොට්‌ඨාසය මෙතෙක්‌ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්‌ කර නැති බවය.

දිවයින

උදයංග වීරතුංග මැරියට් හෝටලයේ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us