අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකු අධිපති ධුරය දැරීමට බාධාවක් නෑ-රනිල්

Published in පුවත්
Thursday, 04 June 2015 08:14

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට මහබැංකු අධිපති ධුරය දැරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා, අර්ජුන් මහේන්ද්‍රන් මහතාව මෙසේ මහබැංකු අධිපති ධුරය දැරීම නීත්‍යානුකුල දැයි නැඟු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අග්‍රාමාතවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) මේ බව පැවසිය.

‘‘අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ ලංකාවේ ඉපදුන කෙනෙක්. ලංකාවේ පුරවැසියෙක් හැටියට, ලංකාවේ හැදුණු වැඩුණ කෙනෙක්. ලංකාවේ අධ්‍යාපන ලබපු කෙනෙක්. ඒවගේම ලංකාවේ රැකියා කරපු ලංකාවට ආදරය කරන උගත් බුද්ධිමත් කෙනෙක්. ඔහු මුළින්ම රැකියාව කළේ ශ්‍රී ලංකා මහබැංකුවේ. අවුරුදු 11 ක් ඔහු මහ බැංකුවේ රැකියාව කලා. 2004 වසරේ සන්ධාන ආණ්ඩුව බලයට පත් වු පසු එතුමා එම තනතුරෙන් ඉවත් වුණා. රාජපක්ෂ රෙජිමය නිසා තමයි එතුමාට රැකියාවෙන් ඉවත් වෙලා පිටරට යන්න වුණේ යැයි අගමැතිවරයා සදහන් කළේය.

කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, මන්දනා ස්‌මයිල් යන අයට දරුණු වධබන්ධන එල්ල වූ පසු ඒ අය රට අතහැර ගිය බවත් මරණ බියෙන් රට අතහැර ගිය හිටපු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ක්‍රිශාන්ත ජයකොඩි, අර්ජුන් මහේන්ද්‍රන් වැනි අයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත්වූ පසු මෙරටට ඒමට හැකි වාතාවරණය සැකසූ බවත් අග්‍රාමාත්‍යවරයා සවිස්‌තරාත්මකව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ රැකියාවක් කිරීමට හෝ ව්‍යාපාරයක් කිරීමට විදේශ පුරවැසියන්ට බාධාවක් නොවන බවත් ව්‍යවස්ථාව මගින් විදේශ පුරවැසියන්ට සිමා පනවා ඇත්තේ මහජන නියෝජිතයින් ලෙස කටයුතු කිරීමට නොහැකි වන ලෙස පමණක් බව අගමැතිවරයා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us