වැරදි කළ නිසයි දඩුවම්-රංගේ බණ්ඩාර

Published in පුවත්
Friday, 05 June 2015 08:09

මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩමකර මෙරට මිනිසුන් ශීලාචාර ජාතියක් බවට පත් කළ බවත් පසුව සිදුවූ මහින්දාගමනය සමග යළි මේ රට අශීලාචාර යුගයකට ගිය බව පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මහින්ද රාජපක්ෂ යුගය තුළ මෙරට පැහැර ගැනීම්,වද හිංසා,පීඩනය,මත්ද්‍රව්‍ය,අපරාධ නිමක් නොවූ බවත් රටේ මුදල් මාර්ග සංවර්ධනයට කියමින් ගසා කෑ බවත් පැවසුවේය. ඔවුන්ගේ වංචා දූෂණ විමර්ශනය වන විට FCID යට විරුද්ධව ඩී.වී උපුල් වැන්නන්ගේ මුවින් නික්මෙන වදන් තුළින් යළි යළිත් රාජපක්ෂලාගේ ස්වරූපය ඉස්මතු වෙන බව පැවසුවේය. ඩී.වී උපුල් FCID යේ නිලධාරීන් ගල් ගසා මරාදැමිය යුතු බවට කළ ප්‍රකාශයට ඔහුව වසර 7 කට හිරගෙදරට යැවිය යුතු බවත් නීතිය අනුව බලන කළ ඔහු සිදු කර අැත්තේ බරපතල අාකාරයේ වරදක් බවත් පැහැදිලි කළේය.

ශිරන්ති රාජපක්ෂ FCID යට කැදවූ විට නාමල් රාජපක්ෂ දුක්වූවත් බවත් මේ රටේ නිර්දෝෂී පුද්ගලයින් වැරදි කරුවන් කර ධුරයෙන් ඉවත් කරද්දී,මරා දමද්දී,පැහැරගනිද්දී ඔවුන්ගේ දරුවන් ද ඊටත් වඩා දුක්වූ බව නාමල්ට දැන්වත් අවබෝධ විය යුතු බව පැවසුවේය. රාජපක්ෂ හිතවතුන්ට අද මෙසේ FCID වැනි අායතනවල පෙනී සිටීමට සිදුව අැත්තේ ඔවුන් කළ වැරදි නිසා බවත් නීත්‍යානුකූලව ජීවත්වුණානම් අද මෙවැනි තත්වයකට පත්නොවන බවත් පැවසුවේය.


අද වන විට ශ්‍රීලනිපය බේද භින්න වී අැති බවත් නායකයා සිටින තැන පවසන දෙය එලියේදී වෙනස්වන බවත් සදහන් කළේය.නමුත් එජාපය ඒකමතිකව ගත් කීරණයකට අනුව ක්‍රියාකර ජනාධිපතිවරණයෙන් ෙමෙත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කිරීම උදෙසා කටයුතු කළ බවත් පැවසුවේය.

ශ්‍රීලනිපය වැනි විනයක් නැති පක්ෂයකට රට භාර දුනහොත් එය රටට හෙණයක්ම මිස හොදක් නම් නොවන බව හෙතෙම අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us