වේගයෙන්ම දියුණු වන සංචාරක නගර අතර පළමු තැන කෙ‍ාළඹට

Published in පුවත්
Friday, 05 June 2015 11:19

ලෝකයේ වේගයෙන්ම දියුණු වන සංචාරක නගර අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ අග නගරයවන කොළඹ නගරය පත්ව ඇත.

ලොව සීග්‍රයෙන් දියුණු වන සංචාරක නගර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතනයක්වූ මාස්ටර් කාඩ් සිදු කළ සමීක්‍ෂණයකට අනුව කොළඹ නගරයට ප්‍රථම ස්ථානය ලැබී ඇත.

ඔවුන් විසින් 2015 වසරේ අදාළව ගෝලීය ගමනාන්ත නගර දර්ශකය පසුගිය බදාදා(03) එළිදැක්වූයේය.

2009 වර්ෂයේ සිට වසර 06ක දත්ත මෙම සමීක්ෂණයට පාදක කරගෙන ඇති අතර ලෝකයේ සංචාරක නගර 132ක් මෙම සමීක්‍ෂණය සඳහා යොදා ගෙන තිබේ.

පැවැති දිගු කාලීන යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පැහැදිලිවම සිග්‍ර දියුණුවක් ලබාගෙන ඇතැයි ද අදාළ වාර්තාව සඳහන් කරයි.

අදාළ සමීක්ෂණ වාර්තාවට අනුව ඉතා ඉක්මනින් දියුණු වන නගර අතර දෙවන ස්ථානය චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ගුඩු නගරයට ද තුන්වන ස්ථානය එක්සත් අරාබි එමීර් හි අබුඩාබි නගරයටත්, 4 වන ස්ථානය සෞදි අරාබියේ රියාද් නගරයටත් හිමිව ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us