ප්‍රථම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය විවෘත කරයි

Published in පුවත්
Friday, 05 June 2015 12:17

රටට විදේශ විනිමය ගෙන එන ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර ගොඩනැගිල්ලේ 22 වන මහළේ දී අද (05) පෙරවරුවේ විවෘත කර තිබේ.

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදි වෘත්තිමය නීති සේවා සැපයිමේ ආයතනයක් ශ‍්‍රි ලංකාවේ මිට පෙර ස්ථාපිත නොවීමෙන් සිංගප්පූරුව එංගලන්තය වැනි රටවලින් ජාත්‍යන්තර බේරුම්කරණ සේවා ලබා ගැනිමට සිදු විමෙන් විශාල මුදල් සම්භාරයක් විදේශ රටවලට ඇදියාම වළක්වා ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ශ‍්‍රි ලංකාවේ ස්ථාපිත කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනිමට අවස්ථාව උදා කරමින් ස්ථාපිත කෙරෙන මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය විවෘත වේ.

නිතිඥ සේවාව ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා විදේශිය වෙළෙඳ ගනුදෙනුවලදි ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය හරහා සේවා ලබාදිමට හැකිවිම ශ‍්‍රි ලංකාව ලැබු ජයග‍්‍රහණයක් බව අධිකරණ අමාත්‍යාංශ්‍ය අවධාරණය කරයි.

1995 අංක 11 දරණ බේරුම්කරණ පනත යටතේ දේශිය බේරුම්කරණ ආයතන දෙකක් මේ වන විට ශ‍්‍රි ලංකාවේ ක‍්‍රියාත්මක වුවද ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත වූයේ ප‍්‍රථම වරටය.

අධිකරණ අමාත්‍යාංශයේ මුල්‍ය ප‍්‍රතිපාදන මත මිලියන 100ක් වැය කරමින් ස්ථාපිත කර ඇති මෙම ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයෙන් ලෝකයේ ඕනෑම රටක ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර බේරුම්කරණ කටයුතුවලදි සේවාවන් සැපයීමට හැකි වන ලෙස මෙය ස්ථාපිත කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us