ඉදිරි මැතිවරණයේදී 6000ට ඡන්දය අහිමියි

Published in පුවත්
Friday, 05 June 2015 12:39

පසුගිය ජනපතිවරණයේදී සුපිරි පැලැන්තිය නියෝජනය කරන සහ අන්ත දුගී දුප්පත් පුද්ගලයන් හයදහසකට ආසන්න පිරිසකට ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්‌ථාව නොලැබුණු බවත් ඉදිරි මැතිවරණයේදීද ඔවුන්ට ඡන්දය අහිමි වෙනු ඇති බවත් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම පිරිසෙන් බහුතරය සුපිරි මහල් නිවාස හා සුපිරි නිවාසවල පදිංචිකරුවන් වන අතර ඡන්ද හිමි නාමලේඛන පෝරම පුරවා නිසි කලට භාර නොදීම හා ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව හෙතෙම කීය.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාවේදී අදාළ පෝරම භාර ගැනීමට හෝ කිසිවෙක්‌ ඉදිරිපත් නොවන බවත් ඔවුන් ඒ පිළිබඳව ගණන් නොගන්නා බවත් කී ඒ මහතා තීරණාත්මක ඡන්ද විමසීමකදී ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්‌ථාව නොලැබුණු විට ඒ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන බව පවසා තිබේ.

පැල්පත්, මුඩුක්‌කු ආශ්‍රිත ප්‍රදේශවල දහසකට අධික පිරිසකට ද ඡන්ද නාමලේඛන ගැන නිසි අවධානය යොමු නොකිරීම නිසා ඡන්ද ප්‍රකාශ කිරීමට ඉකුත් ජනපතිවරණයේදී නොහැකි වී ඇත.

ලබන නොවැම්බර් මාසයට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වුවහොත් ඔවුන් සියලු දෙනාටම ඊට ද ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us