ජනාධිපතිතුමනි සේමිණීට යුක්තිය ඉෂ්ඨ කරන්න

Published in පුවත්
Friday, 05 June 2015 15:37

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටි එච්.සෛ්මිණී දම්සරණි දැරිය පැහැරගෙන ගොස් දැනට මාස 02 ක් තරම් කාලයක් ගතවී ඇතත් ඒ පිළිබදව කිසිදු හෙ‍ා්ඩුවාවක් නොමැති වීම පිළිබදව විරෝධය හා බලවත් කණගාටුව පල කර සිටින බව ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් මගින් සදහන් කර සිටියි.

2015.04.09 වන දින සුජීව ප්‍රසන්න සෝමතිලක යන අය විසින් දැරිය පැහැරගෙන ඇති අතර ඒ පිළිබදව දෙමාපියන් විසින් බිංගිරිය පොළීසියට,පොළිස්පතිවරයාට සහ ජාතික ළමාආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතත් බලධාරීන් දක්වා ඇති අසමත් භාවය පිළිබදව ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරවන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

මෙය මෙරට අධ්‍යාපනය ලබන ලක්ෂ 40 ක්වූ දූ දරුවන් මුහුණ දීමට ඇති බරපතල තත්වයක් බවත් මෙම දැරිය සොයා ගැනීමට හා පැහැරගත් තැනැත්තා දන්නා බැවින් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටියි.

දෙමාපියන්ට මෙම දැරිය සොයාදීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් හා නියෝග ලබා දීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

 ලංකා ගුරු සේවා සංගමයේ ජනමාධ්‍ය නිවේදනය පහතින්

001

0023

Last modified on Friday, 05 June 2015 16:15

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us