රටක්‌ හිනැස්‌ වූ සුනිල් රෝහල්ගත කරයි

Published in පුවත්
Tuesday, 29 July 2014 20:10

රටක් හිනැස්සවූ සුනිල් හෙට්‌ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක්‌ පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්‍යයට පවසා තිබුණි.

බෙහෙවින්ම මතකය අඩු මට්‌ටමක සිටින සුනිල් හෙට්ටිආරච්චිට පෙර මෙන් අතීතය ගැන බොහෝ දේ ආවර්ජනය කිරීමට හෝ එය වචනවලට පෙරැළීමේ හැකියාවක්‌ නැත. ඒ පාකින්සන් රෝගයේ ස්‌වභාවයයි.

සුනිල් කලකට ඉහතදී ඇනස්‌ලි, සැමුවෙල්, බර්ටි සමඟ එක්‌ව "විනෝද සමය" වැඩසටහනේ පවා ශිල්පියකු ලෙස කටයුතු කළේය. වර්තමානයේදීත් ඔහු කෙරේ එසේ භේදයකින් තොරව ප්‍රේක්‍ෂක රසික සමූහයක්‌ බැඳී සිටින්නේ ඔහුගේ ඒ රංගන ප්‍රතිභාව කෙරෙහි දැක්‌වූ ඇල්ම හේතුවෙනි.

සති දෙකකට පමණ පෙර සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා යලිත් බලවත් ලෙස රෝගාතුර වී රෝහල්ගතකොට ඇත. මහ හඬින් රසබස් තෙපළු ගී ගැයූ ඔහු අද සෙමින් වචන ගලපයි. දැන් ඔහුට අවශ්‍යය වන්නේ පිරී ඉතිරී ගිය සෙනෙහසයි.එදා ඔහු වටා පිරි ඉතිරි සිටි කිසිවෙකු ඔහු ළඟ නැත. ඔහුට ආදරය කරන ඔබට ඔහු වෙනුවෙන් කළහැකි තවත් එක දෙයක් ඉතුරුව ඇත.

ඒ මුව පුරවාගත් සිනහවකින් යුතුව එක්වරක්වත් ඔහුව බලන්නට යාමයි. එය ඔහුට දිව ඔසුවක්ම වනු ඇත. එකම එක තත්පර පහකට කොළඹ ජාතික රෝහලේ හැට හයවන වාට්ටුවට අඩියක් තබන්න. ඔහු ඔබ එනතුරු බලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us