'පුදුම දොස්තර' සැත්කම් නවත්වයි- කරාපිටියේ ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක

Published in පුවත්
Monday, 08 June 2015 09:19

විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් පෙරේරා හද සැත්කම් නැවැත්වීම හේතුවෙන් කරාපිටිය මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය වැසී යාමේ අවදානමක් මතු වී තිබේ. මේ වනවිට හදවත් සැත්කම් 12,000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට තිබෙන විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ රෝගීන් විසින් හඳුන්වනු ලබන්නේ 'පුදුම දොස්තර' යන ගෞරව නාමයෙනි.ලංකාවේ පළමු වරට සිදුකල විශ්මිත සැත්කම් කිහිපයක් මේ වෛද්‍යවරයා විසින් සිදු කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බවට චෝදනා කරමින් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පසුගිය මැයි 12 වැනි දින සිට සියලු හදවත් සැත්කම් නවතා දමා අැත. 2003 දී නාමල් ගමගේ වෛද්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද කරාපිටිය රෝහලේ හෘද සැත්කම් ඒකකයේ ශල්‍යාගාරය වෙනත් සැත්කම් සඳහාද ලබාදීමට රෝහල් බලධාරීන් ක්‍රියාකිරීම මේ අර්බුදයට මුල් වී තිබේ.

මතුව තිබෙන අර්බුදය පිළිබඳ විමසා බැලීම පිණිස අජිත් කුමාර සහ වෛද්‍ය රොමේෂ් පතිරණ යන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය සිකුරාදා කරාපිටිය රෝහලේ සංචාරයක නිරත වූ අවස්ථාවේ අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා පවසා අැත්තේ ලොව පුරා බොහෝ රටවල වැඩියෙන්ම රෝගීන් මියයන්නේ හෘදය රෝග හේතුවෙන් බවය. එය නොසලකා කරාපිටිය රෝහල් බලධාරීන් ක්‍රියාකරන ආකාරය වෛද්‍ය නාමල් ගමගේ හඳුන්වා දුන්නේ 'හිතක් පපුවක් නොමැති පිළිවෙතක්' ලෙසින්.

මෙම අර්බුදයේදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කළේය.
"සෞඛ්‍ය ඇමතිතුමෙක් ඉන්නවා නම් ඉස්සෙල්ල හොයන්න ඕන වැඩියෙන් මැරෙන්නේ මොනවයින්ද කියලා," ඔහු පැවසීය.

මෑතක් වනතුරු මසකට ශල්‍යකර්ම 50-60 ක පමණ සිදු කළ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ සම්මානලාභී වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍යවරයා ඉවත්වීමෙන් අනතුරුව ගතව ගිය මාසයක පමණ කාලය තුල එම ශල්‍යාගාරයේ සිදුකොට තිබෙන්නේ සැත්කම් අටක් පමණි.

සතියේ දින කිහිපයක් ශල්‍යාගාරය ඔහුගෙන් ඉවත් කොට වෙනත් වෛද්‍යවරුන්ට ලබාදී තිබුනත් පසුගිය සිකුරාදා මන්ත්‍රීවරුන් සංචාරය කළ අවස්ථාවේ ශල්‍යාගාරය ඉබි යතුරු දමා වසා දමා තිබුණි.

එහිදී අදහස් දැක්වූ රොමේෂ් පතිරණ මන්ත්‍රීවරයා, අනෙක් ශල්‍ය වෛද්‍යවරුන්ටද අවස්ථාව ලබාදීම පිණිස ශල්‍යාගාරයේ කාලය වෙන්කිරීමට සිදු වූ බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා තමන් කළ විමසීමකදී සඳහන් කළ බව කියා සිටියේය.

150607153438 karapitiya icu 624x351 bbc nocredit

පාලුවට ගිය අධි සත්කාර ඒකකය

සැත්කම් යළි ආරම්භ කිරීම පිණිස විශේෂඥ වෛද්‍යවරයාට සියලු පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දිනවල ප්‍රදේශවාසීහු උද්ඝෝෂණවලද නිරතව සිටියහ.

(BBC අැසුරින්)

 

Last modified on Monday, 08 June 2015 09:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us