අන්තරේ භික්ෂූන්ට අැප

Published in පුවත්
Monday, 08 June 2015 14:45

පසුගියදා අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ භික්ෂුන්වහන්සේලා පස් දෙනා  ඇප මත නිදහස් කර තිබේ.

එක් එක් භික්ෂුන් වහන්සේ රුපියල් 10,000ක මුදල්  ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට  මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.අදාළ නඩුව අද (08)කැඳවු අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අදාළ නියෝගය ලබාදුන් දී අැත

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් ඇතුලු භික්ෂුන් පස් දෙනා වහා නිදහස් කරන ලෙස බලකරමින්,පසුගිය දිනක කොටුව දුමිරියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වෙමින් පවතිද්දී එහි දේපළවලට හානි සිදු කළ බවට චෝදනා ලැබීම නිසා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පස් නමක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 25 වනදා නියෝග කළේය.

අධිකරණය විසින් කරනු ලැබ තිබුණ නියමයකට අනුව අදාළ භික්ෂූන් වහන්සේලා අධිකරණයේ පෙනී සිටි අතර ඉන් අනතුරුව ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණි.

අද දින ඔවුන් පස්දෙනා අැප මත නිදහස් කර අැත.

Last modified on Monday, 08 June 2015 16:08

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us