ඉරාන සම්බාධක උමා ඔයටත් බලපායි

Published in පුවත්
Tuesday, 09 June 2015 11:27

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉරාන උපදේශන සමාගම ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට එකඟ නොවීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන්නේ ඉරාන  සමාගමන් ඉල්ලුම් කරන පරිදි අරමුදල් ලබා නොදීමට තීරණය කළ බවයි.

ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඉරානයට යුරෝපයෙන් පනවා ඇති සම්බාධක හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවීම අපහසු වී ඇති බවයි.

ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 400ක් පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවීමට සිදු වේ. එම මුදල නොමැතිව සමාගමට කටයුතු පවත්වාගෙන නොහැකි බව බලධාරීන් පවසයි.

පසුගිය මාසයේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය සහ තක්සේරු දෙප්‍රතමේන්තුව ඉදිරපත් කළ වාර්තාවන්ට අනුව මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස 1500 හානි සිදුව ඇති අතර වන්දි ලෙස රුපියල් මිලියන 200ක් ගෙවීමට සිදු තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 529ක මුදලකි. මේ මුදලින් සියයට 15ක මුදලක් ලංකාව දැරීමට නියමිතව තිබූ අතර ඉරානය ඇමරිකානු ඩොලර් මිලියන 450ක් දැරීමට එකඟ විය.

කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ පසුගිය රජය සමයේ උමා ඔය ව්‍යාපෘතිය සඳහා ඇස්තම්නේතු ගත මුදල සැබෑ ප්‍රමාණයට වඩා දෙගුණ කර ඇති බවයි. ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉරාන සමාගම මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 225ක් වැය වෙතැයි ගණන් බලා තිබුණු බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us