දෙමළ ඩයස්පොරා හමුවෙන් පසුව ගැ‍ටුම් උග්‍රවේ

Published in පුවත්
Tuesday, 09 June 2015 21:30

යුරෝපිය දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමඟ දකුණු අප්‍රිකාවේ In Transformation Initiative (ITI) යන රාජ්‍ය නොවන සංවිධානය මෙරට රජයේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව දෙමල ඩයස්පොරා සංවිධාන අතර ගැ‍ටුම් උග්‍ර අතට පත්ව තිබෙන බව වාර්තාවේ.

දෙමළ ඩයස්පොරා ප්‍රමුඛ සංවිධානයක් වන ගෝලිය සංසදයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර ඉන් අනතුරුව ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුරේන්ද්‍රන් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් විසින් කළ ඒකාබද්ධ නිවේදනයෙන් පසුව මෙම ගැ‍ටුම් වර්ධනය වීමට හේතු වී තිබේ. යුරෝපයේ දෙමළ ඩයස්පොරාව 'ශ්‍රීලංකා ඩයස්පොරාව' ලෙස එම නිවේදනයේ සඳහන් වීම හේතුවෙන් මත ගැ‍ටුම්ද හට ගෙන ඇත. මීට පෙර ඔවුන් හැඳින් වූයේ දෙමළ ඊලාම් රාජයයේ පුරවැසියන් ලෙසය.

කෙසේ නමුත් මෙම සාකච්ඡාවෙන් වෙනම රාජ්‍යයක් සඳහා ඩයස්පොරාවෙන් නැගුනු ඉල්ලීම දුර්වල කිරීමට සමත් වී ඇති අතර උග්‍ර එල්ටීටීඊ හිතවාදී සංවිධානයක් වූ ගෝලීය දෙමළ සංසදය ශ්‍රි ලංකා රජය හා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා නම්‍යශීලී වීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.

Last modified on Tuesday, 09 June 2015 21:46

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us