ඩී.වී. උපුල් යළි රිමාන්ඩ්-හැදුනුම්පත් 2ක් හදලා

Published in පුවත්
Wednesday, 10 June 2015 15:28

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා ලබන 15 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා විසින් අද(10) නියෝග කර තිබේ.

එසේම සැකකාර පළාත් සභා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව කියන අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයේ මුල් පිටපත සොයාගැනීම සඳහා ‍මේ වන විටත් පරීක්ෂණ සිදු කරන බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

තවද අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන අවස්ථාවේදී ඩී.වී. උපුල් මහතා විසින් ජාතික හැඳුනුම්පත් දෙකක් භාවිතා කර ඇති බවත් ඔහු ගේ විදේශ ගමන් බලපත්‍රය අවධිමත් ආකාරයෙන් ලබාගත් එකක් බවත් අනාවරණය වී ඇති බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා ගල් ගසා මරා දමන බවට සිදු කළ ප්‍රකාශයක් මත රහස් පොලීසිය විසින් පසුගිය 8 වන දින ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us