ටිරාන්ව 29 තෙක් අත්අඩංගුවට ගන්න බෑ

Published in පුවත්
Thursday, 11 June 2015 14:15

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීම ජුනි මස 29 වනදා දක්වා කල් දමා අැත.

අදාළ පෙත්සම අද (11)කැඳවු අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇත.

උතුරු නිවාස ඉදි කිරීම සඳහා පිහිටවූ රාඩා ආයතනයේ සිදුවීයැයි කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

මීට පෙර මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතා ඉදිරියේ කැඳවුව ද ඔහු විදේශ ගත වී ඇති නිසා රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.

මුල් විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම කැඳවීමට සියලු පාර්ශ්ව එකඟවූ අතර අගවිනිසුරු දිවයිනට පැමිණ ලබන 29 වැනි දා පෙත්සම කැඳවන තුරු පෙර තත්ත්වයේම පවත්වාගෙන යන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අධිකරණයට දැනුම් දුන්නේය.එතෙක් ටිරාන් අලස් මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නා බවට රජයේ නීතිඥවරයා එහිදී දැනුම් දී අැත.

Last modified on Thursday, 11 June 2015 14:18

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us