එක්නැළිගොඩ අතුරුදහන් වීම ගැන ලක්ෂ්මන් යාපා දන්නවා - සඳරුවන් සේනාධීර (audio)

Published in පුවත්
Friday, 12 June 2015 12:10

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමෙන් පසු දින දෙක තුළ ඔහු එවක පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැනුම්වත්ව රඳවා සිටි බවත්, ඒ පිළිබඳ තොරතුරු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන දන්නා බවත් මේ වන විට ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව සිටින ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර පවසයි.

ඔහු මේ බව අනාවරණය කළේ පිළියන්දල නව නගර ශාලාවේ ඊයේ (11) සවස පැවැති නිරෝෂන් පාදුක්ක ගේ ”ජනතා සාක්කිය” පොත එළිදැක්වීමේ අවස්ථාවේදී එංගලන්තයේ සිට සජීවීව එයට සම්බන්ධ වෙමිනි. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මිග් ගනුදෙනුවේ තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළ බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකාවේ පිලිකා රෝහලක දී සැත්කමකට ලක්ව ඇති බවට වාර්තාවක් පළ කිරීමෙන් පසු ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා විනාශ කළ බවත් හෙතෙම ප‍්‍රකාශ කළේ ය.

මේ වන විට මාධ්‍යකරුවන්ට ඒවා අමතකව ගොස් මහින්ද රාජපක්ෂ පන්සල් යන පුවත් වාර්තා කිරීමට ප‍්‍රමුඛත්වය දෙමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර කළ හෙළිදරව්වට පහතින් සවන් දෙන්න.

colombopost

{soundcloud}https://soundcloud.com/colombopostnet/sadaruwanmp3{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us