මේ අප්‍රභංසය චන්ද්‍රිකාගේද දිනමිණේද?

Published in පුවත්
Saturday, 13 June 2015 07:34

අද දින දිනමිණ පුවත්පතේ පළවී ඇති පුවතකට අනුව නොරොච්චොලේ බලාගාරය සඳහා පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් වැය කළ මුදල සම්බන්ධයෙන් අවුල් සහගත ප්‍රකාශයක් පළව ඇත. එම පුවතේ සිරස්තලයට අනුව නොරොච්චෝලේ බලාගාර ව්‍යාපෘතියෙන් රාජපක්ෂ රෙජීමය විසින් ගසා කෑ මුදල "ඩොලර් මිලියන 15"කි නමුත් ඒ ගැන පුවතේ කිසිදු තැනැක සඳහන් නොවේ.

පුවතට අනුව ගසා කෑ මුදල 'රුපියල් බිලියන 15 'කි. එනම් රුපියල් මිලියන 15,000 කි එහෙත් ඒ ගැන වන සටහනට පෙර දක්වා ඇත්තේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 260 කට ඇස්තමේන්තු කාර තිබූ බවත් ඒ රාජපක්ෂලා රුපියල් මිලියන 510 කට යළි ඇස්තමේන්තු කළ බවය. ඒ අනුව රාජපක්ෂලා රුපියල් මිලියන 15,000 ගසා කා ඇත්තේ මෙලෙස වැඩි කර ගත් මුදලිනි.

රාජපක්ෂ රෙජීමය මෙරට ක්‍රියාත්මක කළ සෑම සංවර්ධන ව්‍යාපෘතියකින්ම අති විශාල ලෙස කොමිස් ගැසු බව සත්‍යයකි. එහෙත් ඒ ගැන ප්‍රකාශයට පත් කිරීමේදී නිවැරදි භාවයක් තිබිය යුතුය. පවසන්නා කෙසේ කීවත් ඒ වාර්තා කරන්නාද ඒ පවසනු ලබන දැ ගැන විම්සිලිමත්ව ප්‍රකාශයට පත් කළ යුතුය.

මීට වසර කිහිපයකට පෙර හෙළි වූ පරිදී චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිවරිය 2005 අගෝස්තු 27 වැනිදා රුපියල් මිලියන 33,000 කට අත්සන් කළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාර ව්‍යාපෘති ගිවිසුම අවුරුද්දක් ඇතුළතදී අහෝසි කර තවත් රුපියල් මිලියන 25,300ක වැඩි අගයක් සහිත ව්‍යාපෘතියක් බවට පත් විය. මෙහි කොමිස් මුදල් ලෙස රුපියල් මිලියන 15,000ක් ලබාගෙන තිබෙන බව චීන පුවත් මූලාශ්‍රයන් විසින් හෙළි කර තිබිණි.

ඒ අනුව මෙම ගනන් හිලව් ගැන අප්‍රභංස කතාව කීවේ හිටපු ජනාධිපතිවරියද නැතිනම් ඒ වාර්තා කළ වාර්තා කරුවාද යන්න පාඨකයාට ගැටලුවක් ඇතිවනු ඇත.

එම දිනමිණ පුවත පහතින් දැක්වේ.

 

මහින්ද රෙජීමය නොරොච්චෝලෙන් ඩොලර් මිලියන 15ක් කොමිස් ගහලා

ජයසිරි මුණසිංහ

සත පහක මුදලක් අතේ නැතිව, රුපියල් මිලියන 560ක් තරම් වටිනා පානීය ජලසම්පාදන ව්‍යාපෘති මහින්ද රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධීව ආරම්භ කොට ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ අනාවරණය කළාය.

රටේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට අරමුදල් ලැබෙන ආකාරය මහා භාණ්ඩාගාරයට අනාවරණය කොට ව්‍යාපෘති ආරම්භ කිරීම නීත්‍යානුකූල තත්ත්වය බව පැහැදිලි කළ හිටපු ජනාධිපතිනිය හිටපු ජනාධිපතිවරයා එසේ ක්‍රියා නොකිරීම මුළුමනින්ම නීති විරෝධී වැඩකැයි ද කියා සිටියාය.

රුපියල් මිලියන 280ක මුදලක් වැය කොට නොරොච්චෝලේ තාප බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තම රජය පියවර ගෙන තිබියදී එය අහෝසි කොට රුපියල් මිලියන 510ක් තරම් අති විශාල මුදලක් වැය කොට රාජපක්ෂ රෙජීමය ගල්අඟුරු බලාගාරය ක්‍රියාවට නැංවූ බව ද ඇය කීවාය.

මේ හරහා රුපියල් බිලියන 15ක කොමිස් ගසා කෑමක් සිදු වී තිබෙන බව ද ඇය චෝදනා කළාය.

හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (12) දහවල් පැවැති මාධ්‍ය හමුවේදීය. වසර 10ක් ර‍ටේ ජනාධිපති ධුරය හා වසර 8ක් මුදල් ඇමැති ධුරය දැරූ තමා මේ වන විට රටට ජනතාවට ආදරය කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස මේ කරුණු දක්වන බව ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය. මුදල් ඇමැති රවී කරුණානායක මහතා කළ ආරාධනාවකට අනුව හිටපු ජනාධිපතිනිය ඊයේ දහවල් මුදල් අමාත්‍යාංශයට පැමිණියාය. අනතුරුව ඇය එහි උසස් නිලධාරීහු සමඟ සුහද සාකච්ඡාවක් පැවැත්තුවාය.

එම හමුවෙන් පසුව ජනමාධ්‍ය ඇමතූ හිටපු ජනාධිපතිනිය මෙසේද කීවාය. මහින්ද රාජපක්ෂ රෙජීමය සංවර්ධන ව්‍යාපෘතිවලින් සියයට 50කටත් වඩා කොමිස් ගසා ගත්තා. ඒ වාගේම අපි මිලියන 280න් කරන්න සැලසුම් කළ වැඩය මිලියන 510ක් තරම් ඉහළ නොවටිනා මිලක් ගෙවා කර තිබෙනවා.

අපි ගිවිසුම් අස්සන් කළේ ඉතා කීර්තිමත්, පළපුරුදු, වෘත්තීයවේදී ආයෝජන සමාගම් සමඟයි. මේ අය ආයෝජන ගිවිසුම් ගසා කටයුතු කළේ පළපුරුද්ද අඩු වෘත්තීය බව අඩු ආයෝජන සමාගම් සමඟයි.

මේ කොමිස් මුදල් අවසානයේ ගෙවන්න සිදු වෙන්නේ රටේ අහිංසක ජනතාවටයි. රටේ ණය බර වැඩි වුණා. අපි විදේශ ණය ලබා ගත්තේ සියයට 02ටත් වඩා අඩු පොලියටයි. මේ අය විදේශ ණය ලබාගෙන තිබෙන්නේ සියයට 09 පොලියටයි හිටපු ජනාධිපතිනිය කීවාය. මහා පරිමාණයෙන් රටේ පොදු දේපොළ හොරා කෑ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නට කටයුතු කරන බවට ඇය මෙහිදී සඳහන් කළාය. එම පිරිස් සමඟ පසුගිය සමයේ හොරකම් කළ දේශපාලනඥයින් පමණක් සිටින බවට ද ඇය කීවාය.

මේ අවස්ථාවේදී මුදල් ඇමැති රවී කරුණානායක මහතාද අදහස් දැක්වූවේය.

Last modified on Saturday, 13 June 2015 07:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us