සුමනදාසගෙන් පැය 8 ක්‌ ප්‍රශ්න කරලා

Published in පුවත්
Tuesday, 16 June 2015 10:14

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජෝතීර්වේදියා ලෙස කටයුතු කළ සුමනදාස අබයගුණවර්ධනගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (15) පැය අටක්‌ ප්‍රශ්න කර ඇත.

රාජපක්‍ෂ පවුලේ ඉඩකඩම්, නිවාස, වත්කම් පිළිබඳ මෙන්ම ඔවුන් සමීපයේ සිටි විවිධ පුද්ගලයන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් සුමනදාස මහතාගෙන් පොලිසිය තොරතුරු ලබාගෙන තිබේ.

රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට අයත් ඉඩකඩම් සඳහා මෙන්ම නිවාස ඉදිකිරීම සඳහා ජ්‍යෝතිෂ කටයුතු කර ඇත්තේ සුමනදාස මහතා විසින් බව හඳුනාගෙන ඇත.

මෙම ඉඩකඩම්, නිවාස ඇතුළු දේපළ පිහිටි ස්‌ථානයන් පිළිබඳව මෙහිදී සුමනදාස මහතාගෙන් තොරතුරු විමසා ඇති අතර සුමනදාස මහතා වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ඇතැයි ද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඉදිරි දිනකද ඔහුව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත කැඳවීමට නියමිතය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us