ෂියාම් ඝාතන නඩු‍වෙන් වාස් ගුණවර්ධනට අැප

Published in පුවත්
Tuesday, 16 June 2015 13:05

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවේ සැකකරුවන් බවට පත්ව ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පස් දෙනා අද(16) ඇප මත නිදහස් කරනු ලැබීය.

ඒ රුපියල් ලක්ෂ පහක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මතය.

ලලිත් ජයසූරිය, කුසලා සරෝජිනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සේනාරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග වුයේය.

සෑම සතියකම බදාදා සහ සිකුරාදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කළේය.ඔහු සමඟ රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් පස් දෙනකුට එම කොන්දේසි මතම ඇප හිමි විය.

කෙසේ වුවද නීති විරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් වාස් ගුණවර්ධන මහතාට රිමාන්ඩ් බාරයේ රැඳී සිටීමට සිදුවනු ඇත.

Last modified on Tuesday, 16 June 2015 13:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us