ලසන්ත ඝාතකයන්ගේ යැයි සැක දුරකථන අංක 20 ක්‌ සොයාගෙන

Published in පුවත්
Wednesday, 17 June 2015 10:59

ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 20 ක්‌ සොයාගෙන ඇත.

එ් අනුව මෙම දුරකථන අංක හිමි පුද්ගලයන් සහ ඔවුන් පැවැත්වූ රහසිගත සාකච්ඡා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අතර මෙම ජංගම දුරකථන ආනයනය කළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස රේගු දෙපාර්තමේන්තුවටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

"සන්ඩේ ලීඩර්" කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා අබිරහස්‌ අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව මේ වනවිට වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය වී තිබෙන බවත් පරීක්‍ෂණ කටයුතු මේ වනවිට ඉතාම ක්‍රමවත්ව කඩිනමින් ක්‍රියාත්මක කෙරෙන බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us