සෝමවංශගේ පක්ෂයත් වැඩට බසී

Published in පුවත්
Thursday, 18 June 2015 10:02

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඇරඹෙන නව පක්ෂයේ මංගල සමුළුව ජුනි 27 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් සාමාජිකයන් ඇතැමෙකුද මෙම මංගල සමුළුව සඳහා සහභාගී වීමට නියමිත බවයි.

තමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමත් සමග මෑත කාලයේ විවිධ අවස්ථාවල තමන් හා ඒකාබද්ධව කටයුතු කළ ඇතැම් පාර්ශ්වද පක්ෂ සමුළුවට සහභාගී වීමට නියමිත යැයි සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

පක්ෂයේ නම කුමක්ද යන්න සමුළුව පවත්වා පක්ෂ සාමාජිකයන් එය අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බවත්, එහිදී පක්ෂයේ අරමුණු, ඉදිරි වැඩ සඳහා කෙරෙන යෝජනා සහ වෙනත් විශේෂ කරුණු එළිදැක්වෙන බවත් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

(අද)

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us