නාකොලගනේ කැලෑව කැළෑ පාලුවන් වනසයි,ගොවි පවුල් 1050ක් අසරණයි(photos)

Published in පුවත්
Thursday, 18 June 2015 11:06

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ගල්ගමුව ආසනයේ ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාකොලගනේ කැලෑ කොටස මේ වන විට බහු ජාතික සමාගම් කිහිපයක් විසින් සහමුලින් වනසා දැමීම අරඹා ඇත.

ගම්මුන්ට අනුව ඩෙල්මෝ හා සදාහරිත නැමති සමාගම් දෙකක් විසින් අඔ සහ සදූන් වගා ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට ප‍්‍රදේශයේ අක්කර 400කට වැඩි ප‍්‍රමාණයක් මුලික පියවරේ දී විනාශ කිරීම මේ වනවිට සිදුකරමින් පවතී.
දැනට එළි කිරමින් පවතින කැලෑ ප‍්‍රදේශය පාලූකඩවල ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශය වන අතර එහි වන වැස්ම ඩෝසර දමා ඉවත් කිරීම තුළින් පස ඉතා දරුණු ලෙස සෝදා පාළුවට ලක් වී ජලාශායේ තැන්පත් වීම හේතුවෙන් එහි රඳවා ගත හැකි ජල ධාරීතාවය ශිඝ‍්‍ර ලෙස අඩු වේ.

එම නිසා පාලූකඩවල ව්‍යාපාර යටතේ දිවි ගෙවන ගොවි පවුල් 1050කට වැඩි ප‍්‍රමාණයකගේ දිවි පැවැත්ම ඉතා අවධානම් තත්වයකට පත්වී ඇත.

ප‍්‍රදේශයේ ප‍්‍රධානතම දැවෙන ප‍්‍රශ්නයක් වන අලි මිනිස් ගැටුම අවම කිරිමෙහි ලා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මෙම කැලෑ ප‍්‍රදේශ විනාශ කිරීම තුලින් එම ප‍්‍රදේශය අලිමංකඩක් ලෙස භාවිතා කරන අලි ඇතුන්ට විශාල තර්ජණයකට මුහුණ පෑමට සිදුවන අතර එම නිසා අවට ගම්මාන වලට හා වගාවන්ට වන හානිය පෙර නොවූවිරු ලෙස වැඩිවීම වැලැක්විය නොහැක.

මෙම වනාන්තර එලි කිරීම නිසා ඉඩම් ලබා ගත් බහු ජාතික සමාගම් විසින් අති විශාල මුදලක් වැය කර තම ඉඩම් වටා විදුලි වැට ඉදි කර කාණු කාපා තුවක්කු සහිත මුර කාරයන් මගින් තම වගා නිරන්තරයේන් ආරක්‍ෂා කරන අතර, අවට ගම්මාන වල ජනයා තම මුදල් හා ශ‍්‍රමය වැය කර ඉදි කරගන්නා ලද විදුලි වැටවල් ප‍්‍රයෝජනයක් නැති තත්ත්වයට පත් වී තම වගා හා ගේ දොර වල්අලින්ට බිලි දීමේ දැඩි අවධානයකට ඉදිරියේදී මුහුණුදීමට සිදුවනු ඇත.

එසේ ම ගම්මානය වටා විදුලි වැටකින් ආරක්‍ෂාව සපයා නොගෙන දැනට අවම අලි හානියක් ඇති ගම්මාන වල ජනයාට අති විශාල මුදලක් වැය කර වල් අලින් ගෙන් තම දේපල හා වතුපිට ආරක්‍ෂාකර ගැනිම සඳහා පියවර ගැනීමට සිදුවේ. එමෙන්ම දැනට මෙම ප‍්‍රදේශ වල මියයන වල් අලි ප‍්‍රමාණය වැඩි වීමට වනාන්තර ප‍්‍රදේශය එලිකිරීම හේතුවක් වන බව ඉතා පැහදිලි කරුණකි. ඒ බව බුත්තල වෑකඩ වැව ඩෝල් සමාගමට බදු දීම තුලින් අලි ඇතුන්ට මෙන්ම සමස්ථ පරිසරයටම සිදු වූ විනාශයෙන් මනාව සපථ වේ.

මෙවැනි වූ මහා පරිමාණ ව්‍යාපෘතික් දියත් කිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් කැඳ විය යුතු අතර මේ සඳහා එවැනි වාර්ථාවක් මෙතෙක් ලබා ගෙන නොමැත. එමෙන්ම පූජා භූමි වනාන්තරයක් වන මෙය විහාර හා දේවාලගමි පනත අනුව මහා පරිමාණ ව්‍යාපෘති සදහා පවරා දීමට නිතිමය හෝ සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුටත් නොමැත.


රවීන්ද්‍ර කාරියවසම්

nakolagamuwa 1

nakolagamuwa 2


nakolagamuwa 3

nakolagamuwa 5

nakolagamuwa 4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us