පළාත් පාලන ආයතන නියෝජිතයින්ට ආචාර ධර්ම පද්ධතියක්

Published in පුවත්
Thursday, 18 June 2015 14:38

පළාත් පාලන ආයතන නියෝජිතයින් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වාදීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.අද (18)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේය.

ජනතා සේවයට කැපවූ ,මහජනතාවට සමීප වෙමින් යහපාලන ප්‍රතිපත්තිය ක්‍රියාවට නගන ,වැරදි හා දූෂණ වලින් තොර ආදරශවත් මහජන නියෝජිතයන් පිරිසක් බිහිකර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

මෙරට මහනගර සභා 23ක්ද,නගර සභා 41ක්ද ,ප්‍රාදේශීය සභා 271ක්ද වශයෙන් පළාත්පාලන ආයතන 335ක් ක්‍රියාත්මකව පවතින අතර ,එම පළාත් පාලන ආයතන සදහා මන්ත්‍රීවරු සහ සභිකයින් 4,486ක් මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලබයි. මෑත කාලසීමාව තුළ සිදු කරන ලද විමසීම් අනුව පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයින් ගෙන් 104 කට එරෙහිව විවිධ චෝදනා සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම හෝ චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සිදුවෙමින් පවතී.

මේ හේතුවෙන් ආචාර ධර්ම පද්ධතියක අවශ්‍යතාව පැන නැගී ඇති නිසා පළාත් සභාවල අදහස් ලබා ගැනීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට යෝජනාවූ අතර ඒ සදහා අද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම යෝජනාව කරු ජයසූරිය ඇමතිතුමා සහජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us