චිත්‍රපට සංස්ථාවේ සේරසිංහ අවතාර තවමත්! නඩුහබවලට ලක්ෂ 25ක්

Published in පුවත්
Thursday, 18 June 2015 15:51

මුළුමනින්ම රජයේ මහ භාණ්ඩාගාරය මත යැපෙන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නඩුහබ සදහා රජයේ නීතීඥයන් වෙනුවට පෞද්ගලික අංශයේ නීතීඥයන් යොදාගැනීම නිසා එම බරත් මහ භාණ්ඩාගාරයටම දරන්නට සිදුවී තිබේ.

මෙසේ චිත්‍රපට සංස්ථාවේ නඩු සදහා රජයේ නීතීඥයන් වෙනුවට පෞද්ගලික නීතීඥ සමාගම්වල නීතීඥයන් යොදා ගැනු ලැබුවේ එහි හිටපු සභාපති අශෝක සේරසිංහ විසිනි. ඔහුගේ පාලන කාලය තුළ කම්කරු විනිශ්චය සභාව හමුවේ විභාගවුණු නඩු සදහා එක් නීතීඥයකුට දිනකට රුපියල් 15.000 ක් මුදලක් ගෙවා ඇත. සෙරසිංහ පාලන සමයේ නඩුහබ සදහා ලක්ෂ 25කට ආසන්න මුදලක් සංස්ථාවෙන් එසේ පෞද්ගලික නීතීඥයන් වෙනුවෙන් වැය කර ඇති බවද කියති.

සේරසිංහ සමයේ සිදුවූ විවිධ අක්‍රමිකතා නිසා සංස්ථා සේවකයන් අතරත් සිනමා ක්ෂේත්‍රය තුළත් ඔහු බලවත් අප්‍රසාදයට ලක්වීම නිසා පසුගිය ආණ්ඩු සමයේදීම ඔහු සභාපතිකමෙන් ඉවත් කරන්නට සිදුවිය. නව රජය යටතේ පත් කෙරුණු නව සභාපතිවවරයා යටතේදීත් පෙර පරිදිම එහි නඩුහබ සදහා පෞද්ගලික නීතීඤ සමාගම්වලට මහා භාණ්ඩාගාරයේ මුදල් මෙසේ කබාසිනියා කරන්නට ඉඩ ලබාදී තිබේ නම් යහපාලනයට දෙයියන්ගේම පිහිට බව සංස්ථා සේවකයෝ පවසති

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us