බැසිල් සංචාරක අමාත්‍යාංශයේ මුදල් වියදම් කරල තියෙන්නේ මැද මුලනෙන් ගෙනා බූදලයක් ගානට

Published in පුවත්
Monday, 22 June 2015 17:48

සංචාරක අමාත්‍යාංශය යනු මැද මුලනෙන් ගෙනා සල්ලි ඇති බූදලයක් නෙ‍ාවන බවත් හිටපු සංචාරක අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ සංචාරක අමාත්‍යාංශයේ මුදල් පවුලේ දේශපාලන ව්‍යාපෘති වලට යොදවා මහජන මුදල් අවභාවිතයේ යොදවා ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (22) ආරම්භ කළ හෙළිරදරව්ව නම් මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රාජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ පිළිබදව ජනතාවට අනාවරණය වූයේ ඉතා ස්වල්පයක් බවත් අද සිට ඉදිරියට සිට එජාපය මගින් මෙම හෙළිදරව්ව නම් තේමාවෙන් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ හෙළිකිරීම සිදු කරන බවත් ඔහු පැවසුවේය.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ මුදල් රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑවක් සංචාරක සුභසාධන සංගමයට යොදවා එම මුදල් දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා භාවිතා කර ඇති බව පැවසුවේය.

බැසිල් රාජපක්ෂට බන්ධනාගාර ගත වීමට සිදුවූයේ දිවිනැගුම හරහා ජනතාවට සහන සැලසීමට ගොසින් බව හිටපු ජනාධිපතිවරයා පැවසූවත් ඔහුගේ ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය හරහා පැහැදිලිවම එය අසත්‍යයක් බව තහවුරු වන බවත් මෙම මුදල් යොදවා ඇත්තේ ජනතාව ගැන නොසිතා දේශපාලනය මගින් පවුල් බලය තහවුරු කර ගැනීමට බව කීවේය.

පසුගිය සමයේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නැංවීම සදහා 'සෙ‍ාලූෂන් ග්රූප් 'නම් ප්‍රචාරක ආයතනයට රුපියල් ලක්ෂ 423ක් ගෙවා ඇති අතර ද 'ප්‍රස්ට් මීඩියා සොලූෂන්' ආයතනයට රුපියල් ලක්ෂ 570 ක් ගෙවා ඇත.එසේම දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා රූපවාහිනී නාලිකාවකට රුපියල් ලක්ෂ 40ක් ගෙවා ඇත.මේ සියලුදේ සදහා මුදල් ගෙවා අත්තේ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මගිනි.

මේ අතරම දේශපාලන රැස්වීම් සදහා භික්ෂූන් වහන්සේලා ගෙන්වීමට රුපියල් ලක්ෂ 50 ක් වැය කර ඇති බවත්,අමාත්‍යවරයාගේ ගම්පහ ඔරුතොට පාරේ නිවසෙහි දිවා රාත්‍රී ආහාර සැපයීම් සහ අනෙකුත් පහසුකම් සදහා රුපියල් ලක්ෂ 1050 ක් ගෙවා ඇත්තේද සංචාරක අමාත්‍යාංශය හරහාය.

සංචාරක ඇමතිවශයෙන් සංචාරක ව්‍යාපාරය සදහා කිසිදු මුදලක් වැය නොකර ඒ මුදල් පවුල් දේශපාලනය සදහා වැය කරමින් කටයුතු කළ ආකාරය මෙය බවත් මෙය මහජන මුදල් අවභාවිතයක් බවත් සදහන් කළේය.

ඌව පළාත් සභාවේ මැතිවරණයට මහ ඇමති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ ශෂේන්ද්‍ර රාජපක්ෂ දිනවීම පවුල් බලය රැක ගැනීමේ වැදගත් පියවරක් වූ නිසා ඒ වෙනුවෙන් දැවැන්ත ප්‍රචාරනයක් ගෙන ගිය බවත් ඒ සදහා මුදල් වියදම් කළේද සංචාරක මණ්ඩලය ඇතුළු ආයතන වලින් බව පැවසුවේය.

මෙම රජයේ ආයතනවල මුදල් රාජපක්ෂ පවුලේ උදවිය විසින් හිතුමතේ වියදම් කළේ කෙසේද ? යන්න පිළිබදව වන මෙම සොයා ගැනීම සම්බන්ධ සියලු ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දෙන බවත් ඒඅනුව නීතිමාර්ගයෙන් ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත් පැවසුවේය.

අද පන්සල් ගානේ යන මහින්ද රාජපක්ෂ දේශපාලන රැස්වීම් වලට භික්ෂූන් රැස් කිරීමට වියදම් කළ ලක්ෂ 50 ක මුදල් එක් පන්සලකට ලක්ෂය බැගින් දුෂ්කර පනසල් වලට යෙදවූවානම් මීට වඩා යහපතක් සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us