වසරකට ආබාධිත උපත් 6500ක්

Published in පුවත්
Tuesday, 23 June 2015 07:15

උපතින්ම ආබාධිතව වසරකට දරුවන් 6500 ක් මෙරටදී උපත ලබන බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වෙයි.

වාර්ෂිකව දරුවන් 380,000 ක් පමණ උපත ලබන අතර ඔවුන්ගෙන් 6500 දෙනකු විවිධ වූ සංජනනීය ආබාධයන් වන ස්නායු, හෘද, මොළය ආශ්‍රිත ආබාධයන්ට ගොදුරු වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසයි.

කාන්තාවන්ගේ අධික තරබාරු බව, ගර්භණී කාලයේදි ලබා දෙන ෆෝලික් ඇසිඩ් අම්ලය ලබා‍ නොගැනීම, ජානමය ගැටලු යනාදි හේතුන් නිසා දරුවන් උපතින්ම ආබාධ වන බව ද ඒ මහතා පැවැසුවේය.

ඇතැම් විට ගැබිනි කාලයේදි ලබා ගන්නා ඖෂධ හේතුවෙන් ද විවිධ රෝගාබාධවලට ලක්ව මෙවැනි තත්ත්වයන් උදා වන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය.

සංජානනීය ආබාධයන් වන මේ ආබාධයන් වළක්වා ගත හැකි වන අතර ඒවා වළක්වා ගැනීමට ගැබිනි මවුවරුන්ට උපදෙස් ලබා දීම සිදු කරන බව ද වෛද්‍ය ජයරත්න මහතා පැවැසීය. දරුවන්ගේ උපත් ආබාධ වළක්වා ගැනීම සඳහා මාතෘ සායනවලදී ගැබිනි මවුවරුන් දැනුවත් කිරීම ද, දකුණු පළාත ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීමට අඳාළව නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.

දකුණු පළාත ආශ්‍රිතව සිදු කරන නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව රට පුරා දත්ත රැස් කිරීම ඉදිරි කාලය තුළදී සිදු කරන බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකාවේ ළදරු මරණ අනුපාතිකය අඩු වී ඇති අතර එය සංවර්ධනයට හේතු වන බවත් උපත් ආබාධ වළක්වාගෙන ඒ සඳහා වැය කරන මුදල් සංවර්ධන කටයුතුවලට යොදා ගත යුතු බවත් ඒ මහතා පැවැසුවේය.


dinamina

Last modified on Tuesday, 23 June 2015 07:27

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us