රියදුරු බලපත්‍රය දැන් එක් දිනකින්

Published in පුවත්
Tuesday, 23 June 2015 10:45

මගී ජනතාවට නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වඩා කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට රජය සෑම පියවරක්ම ගන්නා බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා පසුගියදා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා අන්තර්ජාල ලියාපදිංචි ක්‍රමයක් ද ඇතුළත් වන නවීකරණය කරන ලද මෝටර් රථ වාහන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මේ බව පැවසීය.

මෙම ව්‍යපෘතිය සඳහා වියදම රුපියල් මිලියන 10කි.

මීට පෙර ජනතාවට මාස කිහිපයක් ඔවුන්ගේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට බලා සිටීමට සිදුවූවද දැන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි ක්‍රමවේදය ස්ථාපිත කිරීම සමග වාහන හිමියන්ට දිනක් ඇතුළත ඔවුන්ගේ රියදුරු බලපත්‍රය ලබා ගැනීම හැකියාව ලැබේ.

මීට පෙර පැවති ක්‍රමයේදී ලියාපදිංචි ලේඛන කොළඹට යැවීමටත් එම ලේඛන පරීක්ෂා කිරීමටත් මාස හයක පමණ කාලයක් ගත විය.

කෙසේ නමුත් මෙම නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීම හේතුවෙන් ඉතා අඩු කාලයකින් එම ක්‍රියාවලිය සිදු කිරීමේ හැකියාව පවතින බව රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us