'දරුවා දුන්නොත් මගේ මුළු වස්‌තුවම දෙනවා'

Published in පුවත්
Thursday, 31 July 2014 07:50

"මගේ මුළු සේසතම අරගෙන හරි මගේ අහිංසක දරුවා මට ආපසු දෙන්න. මං වැඳලා ඉල්ලන්නේ හයහතර නොතේරෙන දරුවට කරදරයක්‌ කරන්න එපා කියලා" යෑයි පැහැර ගැනීමට ලක්‌වූ මීගලෑවේ සිව් හැවිරිදි දරුවාගේ පියා හඬා වැළපෙමින් කියා සිටියේය.

දරුවා පැහැරගත්ත අයගෙන් මං ඉල්ලන්නේ මගේ පුංචි දරුවට කන්න බොන්න ටිකක්‌ දෙන්න එයාට අසනීපයක්‌ වෙන්න ඉඩ දෙන්න එපා. මට මේ ව්‍යාපාරවලින් වැඩක්‌ නැහැ. මට වටින්නේ මගේ දරුවො දෙන්නා. මගෙ දරුවා නැති වුණොත් මම ජීවත්වෙලා වැඩක්‌ නැහැ" යෑයිද දරුවාගේ පියා දරාගත නොහැකි වූ වේදනාවෙන් විලාප නඟමින් කියා සිටියේය.

ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.30 ට පමණ මීගලෑව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී මවුපියන්ට පහරදී කපා කොටා තුවාල කර නාඳුනන සන්නද්ධ පිරිසක්‌ විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ලංකානාත් ඒකනායක දරුවා පිළිබඳ කිසිදු තොරතුරක්‌ මේ වන තුරුත් ලැබී නොමැත.

Daniduජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අලහකෝන්, සහකාර පොලිස්‌ අධිකාරි සමන් දිසානායක මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහක්‌ මේ පිළිබඳව සෙවීමේ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.

කප්පම් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් දරුවා පැහැරගෙන ගියේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක්‌ ලැබී නොමැති බව පොලිසිය පවසයි. පෞද්ගලික ආරවුලක්‌ මත පළිගැනීමේ ෙච්තනාවෙන් දරුවා ගෙන ගියේද යන්න පිළිබඳවද කිසිදු සාක්‍ෂියක්‌ මේ වන තුරුත් පොලිසියට ලැබී නොමැත.

දරුවා පැහැර ගැනීමට ලක්‌වූ අවස්‌ථාවේ මීගලෑව ප්‍රදේශයේ සිදුවූ දුරකථන පණිවිඩ පිළිබඳවද පොලිසිය සොයා බලාගෙන යයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

දරුවා පැහැර ගැනීමේ සිද්ධිය හෝ එම දරුවා සඟවාගෙන සිටින ස්‌ථානයක්‌ පිළිබඳව තොරතුරු වෙතොත් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අලහකෝන් මහතාගේ 0774784635 දුරකථන අංකයට හෝ සහකාර පොලිස්‌ අධිකාරි සමන් දිසානායක මහතාගේ 0773361390 දුරකථනය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මෙම පරීක්‍ෂණ ක්‍රියාත්මක වෙයි.

(දිවයින)

 

Last modified on Thursday, 31 July 2014 07:57

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us