පොලිසියේ 12කට ස්ථාන මාරු

Published in පුවත්
Tuesday, 23 June 2015 14:59

පොලිස් ස්ථානාධිපතිවරුන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී අැත.

පොලිස්පතිවරයා විසින් සේවයේ අවශ්‍යතාව මත අදාළ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ඒ අනුව මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා වංචා විමර්ශන අංශයටත්, වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මීරිගම ස්ථානාධිපතිවරයා ලෙසත්, මාරුකර යවා ඇත.

රඹුක්කන ස්ථානාධිපතිවරයා නිකවැරටිය කොට්ඨාසයටත්, තන්තිරිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා රඹුක්කන ස්ථානාධිපතිවරයා ලෙසත්, නුගේගොඩ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා තන්තිරිමලේ ස්ථානාධිපතිවරයා ලෙසත්, මාරුකර යවා ඇති බව සඳහන්ය.

තලවකැලේ ස්ථානාධිපතිවරයා මරදාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස මරුකර යවා ඇති අතර වංචා විමර්ශන අංශයේ පොලිස් පරික්ෂකවරයා තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇත.

මුල්ලියාවේලී ස්ථානාධිපතිවරයා විල්ගමුවටත්, කොළඹ දකුණු කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා මුල්ලියාවේලී පොලිස් ස්ථානයටත් මරුකර යවා ඇත.

දඹගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා නුවරඑළිය කොට්ඨාසයට මාරුකර යවා ඇති අතර රත්නපුර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දඹගල්ලටත්, කුරුණෑගල කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කුරුවිටටත් මරුකර යවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us