පදික වේදිකා වෙළඳාමට ජනපතිගෙන් ඉඩක් නෑ.

Published in පුවත්
Wednesday, 24 June 2015 07:23

පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීමට ඉඩ නොදෙන ලෙසට ජනාධිපතිවරයා තමාට නියෝග කළ බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.

දැනට අවසර ලබා දී ඇති පළමු වන හරස් වීදිය, දෙවන හරස් වීදිය සහ තුන්වන හරස් වීදියේ පමණක් තාවකාලිකව වෙළෙඳාම් කිරීම සඳහා සහනයක් ලබා දෙන ලෙසත් පිටකොටුව කෙළින් වීදිය ඇතුළු සෙසු වීදිවල වෙළෙඳාම් කිරීමට අවසර ලබා නොදෙන ලෙස එහිදී ජනාධිපතිවරයා නගරාධිපතිවරයා වෙත උපදෙස් දී ඇත.

එමෙන්ම මෙම ගැටලුව විසඳීම සඳහා පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට ඇති අතර පවතින ගැටලු හඳුනාගෙන කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එමෙන්ම වෙළෙඳාම සඳහා පදික වෙළෙඳුන්ට වෙනත් ස්ථානයක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා හමුවී ඊයේ (23) කළ සාකච්ඡාවේදී තමන්ට උපදෙස් දුන් බව හෙතෙම සඳහන් කළේය.

පදික වෙළෙඳුන්ගේ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් ඇතැම් දේශපාලනඥයන් මෙසේ පදික වේදිකාව වෙළෙඳාම් සඳහා ලබා දීමට උත්සාහ කළ බවත් එසේ ලබා දුනහොත් එය පදික වේදිකාවේ ගමන් කරන ජනතාවට හිරිහැරයක් නිසා මෙම තීන්දුව ගත් බවත් නගරාධිපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග ‍පොලිසිය නාගරික සංවර්ධන අධිකාරිය මෙන්ම කොළඹ මහ නගර සභාව කළ විශේෂ සාකච්ඡාවකදී මෙම තීන්දුව ගත් බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

රිවිර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us