විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප ජූලි සිට

Published in පුවත්
Wednesday, 24 June 2015 10:33

විෂමතා ඉවත් කළ විශ්‍රාම වැටුප ලබන ජූලි මස සිට විශ්‍රාමිකයින්ට ලබා දීමට කටයුතු සලසා අැත.

ඒ අනුව 2004 ජනවාරි පළමු දිනට විශ්‍රාම වැටුප් ගිය ලක්ෂ 3ටත්, එම වසරේම නොවැම්බර් 30 වන දින වන විට 12,000 ක පිරිසකගේත් වැටුප් විෂමතා ඉවත්වී තිබේ.

රජයේ සේවයේ නියුතුවූවන්ගේ විශ්‍රාම වැටුප සකස් කරනු ලබන්නේ ඔවුන් විශ්‍රාම ගන්නා දිනට ලැබූ වැටුප මත පදනම්වය. මේ හේතුවෙන් 2006 වසරට පෙරාතුව විශ්‍රාම ලැබූ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හා 2006 න් පසු විශ්‍රාම ලැබූ නිලධාරීන්ගේ වැටුප් අතර සැලකිය යුතු වැටුප් විෂමතාවක් දක්නට ලැබුණි.

එසේම 2004 වසරේ පෙබරවාරි 1 දා සිට 2005 වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා විශ්‍රාම ගිය 18,000 ක්ද ඇතුළු සමස්තයක් ලෙස විශ්‍රාමිකයින් තුන් ලක්ෂ තිස් දහසකගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෙම මුදල් ගෙවීමට වාර්ෂිකව බිලියන 160 ක මුදලක් වැයවන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරූ ජයසූරිය මහතා ඊයේ (23)පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us