එක්නැලිගොඩ ගැන පරීක්ෂණ වලින් ජංගම දුරකථන 22ක තොරතුරු හමුවේ

Published in පුවත්
Wednesday, 24 June 2015 13:40

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ වලින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

සොයාගනු ලැබූ අදාළ අංක සහිත සිම්කාඩ් පත් ජංගම දුරකථන 22ට දමා ඇමතුම් ලබාගෙන ඇතැයි රහස් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම දුරකථන 22 දිවයිනට ගෙන්වා ඇත්තේ කවුරුන්දැයි සොයාගැනීම සඳහා රේගුවට වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇතැයිද එම වාර්තාව තවමත් ලැබී නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

එසේම අදාළ ජංගම දුරකථන වලින් ගනු ලැබූ ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිසමටද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවත් එම වාර්තාවද ලැබීමට නියමිත බව ඔහු කියා සිටියේය.

අදාළ වාර්තා ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us