අස්වුණේ නෑ- ලෙඩවුණාලු !

Published in පුවත්
Thursday, 25 June 2015 13:29

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ කීර්ති විමලචන්ද්‍ර මහතා යළි සේවයට වාර්තා කර තිබේ.

සුපුරුදු පරිදි ඊයේ සිට රාජකාරියේ නිරතව සිටින බවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් සති කිහිපයක කාලයක් සේවයට වාර්තා නොකළ බව කීර්ති විමලචන්ද්‍ර මහතා පවසා සිටියේය.

කෙසේ වෙතත් පසුගියදා වාර්තා වූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ අභියාචනාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වූ කිර්ති විමලචන්ද්‍ර මහතා ඉල්ලා අස්වී ඇති බවයි.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂ ඩයස් වික්‍රමසිංහ මහත්මිය පසුගිය මැයි මස 16 වනදා පැවසුවේ කීර්ති විමලචන්ද්‍ර මහතා අදාළ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

මේ හේතුවෙන් කොමිසමේ විමර්ශන කටයුතු හා පැමිණිලි භාර ගැනීම සාමාන්‍ය පරිදි සිදු වුවද නඩු පැවරීම ඇතුළු නෛයිතික කටයුතුවලට බාධා එල්ල වී තිබූ බව සඳහන්ය.

කොමසාරිස්වරුන් තිදෙනෙකුගෙන් සමන්විත අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ කටයුතු එක් කොමසාරිස්වරයෙකුගේ හෝ පුරප්පාඩුවකින් යුතුව සාමාන්‍ය පරිදි සිදු කළ නොහැකි බව වාර්තා විය.

තමා ඉල්ලා අස්වූ බවට පැතිර ගිය ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නොමැති බව කීර්ති විමලචන්ද්‍ර මහතා පැවසුවේයි.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ඔහු කියා සිටියේය.

අද දෙරණ

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us