ලොව දුර්ලභම ලේ ඇති කතක් මාතර

Published in පුවත්
Thursday, 31 July 2014 09:57

ලෝකයේ දුර්ලභ ලේ වර්ගයක් වන ‘බොම්බේ ඕ පොසිටිව්‘ ලේ සහිත මවක් පෙරේදා (29) මාතර මහ රෝහලේ දී දරුවකු ප්‍රසූත කළ බව එම රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය පැවසුවාය. 

අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක එම දරුප්‍රසූතිය සිදු කර තිබේ. මව සහ අගේ දරුවා නිරෝගී තත්ත්වයේ පසුවන බව රෝහල් අධ්‍යක්ෂිකාව කියා සිටියාය. 

දරු ප්‍රසූතියට පෙර එම කාන්තාව බොම්බේ ඕ පොසිටිව් ලේ වර්ගයට අයත් බව දැනගත් විගස රෝහල් කාර්ය මණ්ඩලය වහා යුහුසුළු වී එම ලේ වර්ගය සෙවීමට පටන් ගෙන තිබේ. ඒ දරු ප්‍රසූතියේ දී ඇයට ලේ ලබා දීමට සිදු වුවහොත් දකුණු කලාපීය රුධිර බැංකුවේ එම ලේ වර්ගය නොමැති නිසාය.

බොම්බේ ඕ පොසිටිව් යනු අති දුර්ලභ ලේ වර්ගයකි.
අවට රෝහල්වලින් ද ඒ ගැන විමසා තිබෙන අතර පසුව කොළඹ සොයිසා රෝහලේ තිබී බොම්බේ ඕ පොසිටිව් වර්ගයේ ලේ පැකට්ටුවක් ලැබී ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us