ලංකාවේ මානව හිමිකම් ගැන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් චෝදනා

Published in පුවත්
Friday, 26 June 2015 14:43

ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුවේ නියෝජිතයින් නොමනා ලෙස හා නීති විරෝධී ලෙස මිනිස් ඝාතන සිදුකර ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2014 වසරට අදාළව නිකුත් කරන ලද මානව හිමිකම් පිළිබඳ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.

එසේ වුවද මෙම සිදුවීම් වලට අදාළ පැමිණිලිකරුවන්ද ඝාතනයට ලක්ව ඇති හෙයින් හා පවුලේ සාමාජිකයින්ද ඒ පිළිබඳ පැමිණිලි කරනු ලැබුවහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් බියෙන් පසුවන බැවින් පසුගිය කාලයේ සිදුවූ එම ඝාතන සම්බන්ධයෙන් විශ්වාසවන්ත සංඛ්‍යාලේඛණ සොයාගැනීම අසීරු බවද එම වාර්තාවේ දැක්වෙයි.

නීතිමය විධිවිධානයකින් තොරව සිදුකරනු ලබන ඝාතන සම්බන්ධයෙන් 2013 වසරට සාපේක්ෂව ඉකුත් වසරේ වර්ධනයක් පෙන්නුම් නොකළද රජයේ ආරක්ෂක අංශ මගින් සිවිල් වැසියන් ඝාතනය කිරීම්,පහරදී තුවාල සිදුකිරීම් දක්නට ලැබීමේ ප්‍රශ්නයක් තිබුණු බව සඳහන්ය.

සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවේදී ඝාතනය කිරීම් සිදුවීම ප්‍රශ්නයක්ව පැවති බවත්, 2012 ආරම්භයේ සිට ඉකුත් වසර අවසානය දක්වා පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ පිරිස 68 ක් බව රජයේ නිලධාරියෙකු පෙන්වාදුන් බවත් වාර්තාවේ දැක්වෙයි.

එසේම 2013 ජූලි මස සිට වාර්තාවූ සිදුවීම් 11ක පුද්ගල ඝාතන 12 ක් සිදුව ඇති බව ඉකුත් ඔක්තෝම්බර් මස මාධ්‍ය වාර්තාවක දැක්වුණු බවද එහි සඳහන්ය.

සැකකරුවන්ගේ එම මරණ සම්බන්ධයෙන් පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන්නේ ඉතා සමාන තොරතුරු බවත්, එහි බොහෝවිට පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී සැකකරුවන් ආයුධ පෙන්වන්නට රැගෙන ගොස් පොලීසිය දෙසට අත්බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට,වෙඩිතැබීමට උත්සාහ කිරීම ආදී සිදුවීම්වලදී පොලීසිය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ඝාතනයට ලක්වූ බව දැක්වෙන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

ආරක්ෂ අංශ,පොලීසිය හා ආණ්ඩු හි‍තෛෂි සන්නද්ධ කණ්ඩායම් විසින් මාධ්‍යයට ප්‍රහාර එල්ල කිරීම්,මානව හිමිකම් උල්ලංඝණය කිරීම්,දූෂණ හා අක්‍රමිකතා,ලිංගික අපචාර, හා වධහිංසා සිදුකිරීම් වල වර්ධනයක් දක්නට ලැබුණු බවත්, නිදසුනක් ලෙස ද්‍රවිඩ භාෂාවෙන් පළවන උදයන් පුවත්පතට මේ ආකාරයේ තර්ජන තිබුණු බවත්, විශේෂයෙන්ම තර්ජනය කිරීම් හා කායිකව තුවාල සිදුකිරීම් පවා සිදුවුණු බවත් එමගින් සිහිපත් කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් මෙම වාර්තාව ඊයේ දිනයේ එරට කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු‍වේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

adaderana

Last modified on Friday, 26 June 2015 14:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us