ගබ්සා සාක්කි අනතුරේ ! -ඕමාන් ශ්‍රී ලංකා තානාපති එයි

Published in පුවත්
Thursday, 31 July 2014 13:02

ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි අශෝක ගිරිහාගම මහතා   අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.

දින පහක් ඇතුලත වහාම කොළඹට වාර්තා කරන ලෙස විදේශ කටයුතු  අමාත්‍යංශය විසින් යවනු ලැබු හදිසි කැඳවීමක් අනුව ඔහු මෙහි පැමිණියේය.
ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව පවසන්නේ තානාපතිවරයා මෙසේ හදිසියේ කැඳවීම නිසා රාජ්‍ය තාන්ත්‍රිකව ඔහුට ලැබිය යුතු නිසි ගෞරවය නොලබාම ඔහුට පැමිණීමට සිදු වු බවයි.

ඕමාන හාම්පුතෙුකුගේ අතවරයට ලක්ව ‘සුරක්ෂා‘ නිවසේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ  සේවිකාවකගේ  ගබ්සා කිරීමේ සිද්ධියක්  සම්බන්ධව  පරීක්ෂණයක් පැවතෙද්දී තානාපතිවරයා  මෙසේ  හදිසියේ කොළඹට ගෙන්වා ගැනීම පිටුපස එම සිද්ධිය යට ගැසීමේ කුමන්ත්‍රණයක් ඇති බව ඔවුහු කියති.

අදාල ගෘහ සේවිකාවගේ සැමියාද තම බිරිඳට සිදු  වු අසාධාරණය පිළිබඳව තානාපති කාර්යලයේ  කම්කරු අංශයේ නිලධාරීන් පස් දෙනෙකුට විරුද්ධව  මානව හිමිකම් කොමිසමේ පැමිණිලි කර ඇති අතර ඔහු තම බිරිඳගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස  ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයෙන්  සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.. 

(ලංකාදීප)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us