මහින්ද යළිත් අර්බුදයේ , 'මහින්ද සමඟ නැගිටිමු' කී අය අතුරුදන් Featured

Published in පුවත්
Thursday, 02 July 2015 08:32

ඊයේ මැදමුලනේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා කළ සංදර්ශනයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු සියයකට අධික සංඛ්‍යාවක සහභාගී වනු ඇති බවට බලපොරොත්තු වුවත් ඒ 28 දෙනෙකුට සීමාවීම නිසා වෙනම තරග කිරීම සඳහා ගත් තීරණය යළි අකුළා ගැනීමට සිදුවිය හැකි බව එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.

අද දින රට පුරා මහින්ද රාජපක්ෂගේ ඡායාරූපයක් සමඟ 'මම සූදානම්' යැයි පොස්ටරයක් ඇලවීමට ක්‍රිය කළද ඊයේ දිනය තුල සිදු වූ පසු බැස්ම එම කණ්ඩායම කෙරෙහි බරපතල ලෙස බලපා තිබේ. එමෙන්ම ඊයේ දිනයේදී මැද මුලනට ගිය පිරිසෙන් වැඩි දෙනෙකුද මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ඉල්ලා තීබීමත් විශේෂ සිදු වීමක්.

මේ නිසා වෙනම තරග කිරීම සිය දිවි හානි කර ගැනීමක් වනු ඇති බව එම කණ්ඩායමේ ජේෂ්ඨයන් කිහිප දෙනෙකුම පැහැදිලි කර දී ඇත. මේ නිසා මහින්ද රාජපක්ෂගේ සහය ශ්‍රී ලනීපයට ලබා දී ජාමබේරා ගැනීම වඩා බුද්ධිමත් තීරණයක් බව එම ජේෂ්ඨයන් පෙන්වා දී තිබේ.

මෙම අවස්ථාව සඳහා සහභාගි වී ඇත්තේ හිටපු කථානායක චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අ‍ෙබ්ගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, ආර්. දුමින්ද සිල්වා, මාලනී ‍ෆොන්සේකා, පවිත්‍රා වන්නිආරච්චි, කමලා රණතුංග, ටී. බී. ඒකනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, චන්දිම වීරක්කොඩි, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, නිශාන්ත මුතුහෙට්ටිගම, තිස්ස කරලියද්ද, මනූෂ නානායක්කාර, තිස්ස විතාරණ, සරණ ගුණවර්ධන වාසු‍ෙද්ව නානායක්කාර,ගාමිණි ලොකුගේ.ජි.එල්.පිරිස්.බණ්දුල ගුණවර්ධන,පියසිරි විජේනායක,අරැන්දික ප්‍රණාන්දු, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණි.

මීට අමතරව සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් ඇතුළු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ද හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා ඇතුළු කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ මහතා නම් කිරීමේ සූදානමද පවතී. ඒ සිදුවුවහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පරාජය මැතිවරණයට පෙර සහතික වීමක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

 

සැබැඳි පුවත් : මහින්ද; මඟ හිටියොත් ‍තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී.

Last modified on Thursday, 02 July 2015 08:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us